අන්තර්ගතය

ලැයිස්තුවbooks

Books

අභිමානවත් අල්කුර්ආනය හා පාරිශුද්ධ නබි වදන් ඇසුරින් : ඉස්ලාමීය ප්‍රතිපත්ති විග්‍රහය

අභිමානවත් අල්කුර්ආනය හා පාරිශුද්ධ නබි වදන් ඇසුරින් : ඉස්ලාමීය ප්‍රතිපත්ති විග්‍රහය

ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි.එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති  අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත. එමෙන්ම ව්‍යාජ ප්‍රකාශයන් අතුරින් එයට විරුද්ධව පවතින දෑද ඔහු විසින් පැහැදිලි  කර ඇත.

ඉස්ලාම් පිළිබඳව කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක්

ඉස්ලාම් පිළිබඳව කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක්

ස්ලාම් පිළිබඳව කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක් නැමැති මෙම කෘතිය ඉස්ලාම් දහමෙහි සත්‍යභාවය විද්‍යාව ඇසින් කෙසේද යන්න හා අල්කුර්ආනයේ තිබෙන ප්‍රාතිහාර්යයන් පිළිබඳව පැහැදිලි ලෙස විග්‍රහ කරයි.මුස්ලිම් නොවන අන්‍ය ආගමිකයින් සඳහා මෙම කෘතිය ඉතා සුදුසුය.

රෝගියෙක් නැමදුම සහ පිරිසිදුවීම කරන්නේ කෙසේද

රෝගියෙක් නැමදුම සහ පිරිසිදුවීම කරන්නේ කෙසේද

රෝගියෙකුගේ නැමදුම සහ එහි විස්තර, පිරිසිදු කිරිම පිළිබඳ ඇතැම් කොන්දේසි, තයම්මුම්, රෝගින් හා ඔවුන්ගේ තත්ත්වය හා  රෝගින් නැමදුම් ඉටු කරන ආකාරය යනාදී කරුණු මෙහි සඳහන් කොට ඇත.

හජ් කර්තව්‍ය ඉටුකරන ඔබට හසුනක්

හජ් කර්තව්‍ය ඉටුකරන ඔබට හසුනක්

හජ්,උම්රා කර්තව්‍යන්හි උත්තම නබි (සල්) තුමාණන් වැඩම නොකල හා වැඩම කල යුතු යැයි ප්‍රචාරය නොකළ ස්ථාන බැහැ දැකීමෙන් වැළකී සිටීම යන මාතෘකාව යටතේ රචනා කළ පොත් පිංචයකි.මෙම මාතෘකාව හජ් හා උම්රා ඉටු කරන උදවීන් සඳහා ඉතා වැදගත් වනු ඇත.

කාන්තා පිරිසිදුකම

කාන්තා පිරිසිදුකම

දැරියක් මල්වරවීමෙන් පසු ඇතිවන ඔසප් වීම මාසයකට වරක් සිදුවන බැවින්

මෙම විෂය සම්බන්ධව ප්‍රධාන පෙළේ ඉස්ලාමීය ශාස්ත්‍ර විශාරද අශ්ශෙයික් මුහම්මද් බින් සාලිහ් අල් උසයිමීන් (රහ්) විසින් අල්කුර්ආනය සහ හදීස් පදනම් කරගෙන කාන්තාවක් මෙම කාලය තුල අනිවාර්යයෙන්ම දැන ගතයුතු කරුණු විස්තර සහිතව පැහැදිලි කර ඇත.

තෝරාගත් රුවන් වැකි (වෙළුම් අංක 5)

තෝරාගත් රුවන් වැකි (වෙළුම් අංක 5)

මෙය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද පොත් පිංචයකි.ඉස්ලාමීය නිතී රීතින්,ආචාරධර්මයන් හා අනෙකුත් මාතෘකාවන් යටතේ හදීස් අනූවක හා ඒවායෙහි වාර්තාකරුවන්ගේ විස්තර හා ඒවායින් උගත යුතු පාඩම් මෙහි අන්තර ගත වේ.

ඉස්ලාමයේ මූලධර්මය

ඉස්ලාමයේ මූලධර්මය

අල්ලාහ් කෙරෙහි විශ්වාසය, මලාඉකාවරුන් කෙරෙහි විශ්වාසය, නබි වරුන් සහ ග්‍රන්ථයන් කෙරෙහි විශ්වාසය, අල් කද්ර් නම් දෛවය කෙරෙහි විශ්වාසය, අවසාන දිනය කෙරෙහි විශ්වාසය සහ මේවායේ සාරාංශය මෙහි ඇතිලත් වේ.

එකම පණිවිඩයකි

එකම පණිවිඩයකි

ආදම් (අලෙයිහිස් සලාම්) තුමාණන් පටන් අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දක්වා පැමිණි සියලු නබිවරුන් වෙත අල්ලාහ් විසින් ලැබුණු පණිවිඩය එකම පණිවිඩයක් බව තහවුරු කරමින් අල් කුර්ආනය බයිබලය හා තෝරාව ආශ්‍රයෙන් සාධක ඉදිරිපත් කරමින් පර්යේෂණාත්මක ලෙසින් මෙය සංස්කරණය කොට ඇත.

ඉස්ලාමයට එරෙහි ව එල්ල වන චෝදනා විස්සට පිළිතුරු

ඉස්ලාමයට එරෙහි ව එල්ල වන චෝදනා විස්සට පිළිතුරු

ඉස්ලාම් පිළිබඳ කවුරුත් නගන ප්‍රහ්නවලට පිළිතුරු මෙහි සපයන ලදී. කාන්තාවන්, ඉස්ලාමය සහ අසිපත, ආහාර සඳහා සතුන් මැරිම, මත් පැන්, ඌරු මස් පිළිබඳ විස්තර, මුස්ලිම්වරු කඃබාවට නැමදුම, ඉස්ලාමයට විශේෂ තැන කුමක් නිසාද, ඉස්ලාම් සහ මුස්ලිම් ජනතාව සහ කාෆිර්වරුන් යන මාතෘකාව සම්බන්ධ සැබෑ තොරතුරු මෙහි අන්තර්ගත වේ.

රාජ්‍ය නායක උමර් ඉබ්නු අල් කත්තාබ් (රළි) තුමාගේ යහ පාලනය

රාජ්‍ය නායක උමර් ඉබ්නු අල් කත්තාබ් (රළි) තුමාගේ යහ පාලනය

මානව පාලන සියල්ල අතර, රන් අකුරින් ලියවිය යුතු බව බටහිර ප්‍රකට විද්වතුන් පවා පැසසුම් ලබා දෙන තරම් එතුමාගේ පාලනය ඉතාමත් සාධාරණ, සාමයෙන් පිරී යුගයක් බව පැවසීම ඉතාමත් සුදුසුය.උමර් ඉබ්නු අල් කඃත්තාබ්ගේ ජීවිත ඉතිහාසය අඳුරු යුගයට අයත් මිනිසෙක් අවබෝධය ලත් කෙනෙකු බවට පරිනාමණය වීමේකථාවකි.

නබි (සල්) තුමාණන්ගේ නිවසේ එක් දිනක්

නබි (සල්) තුමාණන්ගේ නිවසේ එක් දිනක්

මෙම පොත් පිංචයේ නබි (සල්) තුමාණන්ගේ ජීවන ක්‍රමය පිළිබඳ ව කෙටියෙන් විස්තර සඳහන් වේ. එතුමාණන්ගේ සම්පූර්ණ ජීවන ක්‍රමය සෑම කෙනෙකුටම අදාල නොවන නමුත්, සෑම කෙනෙකුටම එම ජීවන ක්‍රමයෙන් විවිධ අවස්ථාවන් නිරූපනය කිරීමට සිදු වන බව නිසැකය. මේ බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැක.මෙම යථාර්ථය පදනම් කර ගෙන මෙම පොත් පිංචය සකස් කරන ලදී. මෙම ජීවන ක්‍රමය සෑම මුස්ලිම් වරයෙකුම දැන ගත යුතුය, එය හැකි අයුරින් අනුගමනය කළ යුතුය යන අපේක්ෂාවෙන් සිංහල බසට පරිවර්තනය කරන ලදී.

ඊමාන් හි අර්ථ විවරණය

ඊමාන් හි අර්ථ විවරණය

අකීදා නම් දේව විශ්වාසයේ මූලික කරුණු,මලාඉකාවරු කෙරෙහි විශ්වාසය, ග්‍රන්ථයන් කෙරෙහි විශ්වාසය, රසූල්වරුන් කෙරෙහි විශ්වාසය යනාදී කරුණු පිළිබඳ විස්තර මෙහි අන්තර්ගත වේ.