රෝගාතුර වූ සිත හා ඉස්ලාමීය ප්‍රතිකර්මය
සියලු ප්‍රශංසා අල්ලාහ් සතුයි.
ශාන්තිය හා සමාදානය උත්තම නායක මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත හිමිවේවා!
ශරීරය රෝගාතුරවනවාක් මෙන්ම සිත ද රෝගාතුර වෙයි. නිසි අයුරින් ඒ සඳහා ප්‍රතිකාර නොකළ විට එය විනාශ වී යන්නට විවිධ අවස්ථාවන් උදාවෙයි. සිත් තුළ රෝග ඇතිවන බවට පහත සඳහන් දේව වැකිය තහවුරු කරයි.
فِي قُلُوبِهِم مَّرَضٌ …
ඔවුන්ගේ සිත් තුළ රෝග ඇත... (අල් කුර්ආන් 2:10)
මෙලෙස කෙනෙකුගේ සිත අධික ලෙස රෝගී භාවයට පත් වූ විට ඔහුගේ සියලු කාර්යයන් අයහපත් ප්‍රතිඵල ගෙන දෙන්නක් බවට පත් වෙයි. එසේම ඔහුගේ සිත කිසිදු රෝගයකින් තොරව සුවෙන් පවතින්නේ නම් එවිට ඔහුගේ සියලු කාර්යයන් යහපත් බවට පත් වේ. මෙය පහත සඳහන් නබි වදන මෙසේ විස්තර කරයි:
” أَلاَ إِنَّ فِي الجَسَدِ مُضْغَةً إِذَا صَلَحَتْ صَلَحَ الجَسَدُ كُلُّهُ ، وَإِذَا فَسَدَتْ فَسَدَ الجَسَدُ كُلُّهُ أَلاَ وَهِيَ القَلْبُ “
දැන ගනු ! නියත වශයෙන්ම ශරීරයේ මස් පිඩුවක් ඇත. එය යහපත් වූයේ නම් ශරීරය මුළුමණින්ම යහපත් වනු ඇත. එය අයහපත් වූයේ නම් ශරීරය මුළුමණින්ම අයහපත් වනු ඇත. දැනගනු එයයි හදවත. (බුහාරි හා මුස්ලිම්)
නිරතුරුව රෝගී භාවයට පත්වන සිත් සුව කිරීම පිණිස ඉස්ලාම් පෙන්වා දෙන ක්‍රමවේදයක් වශයෙන් පස්වේල සලාතය, රමළාන් මාසයේ උපවාසය ඇතුළුව සියලු ඉස්ලාමීය වත්පිළිවෙත් පිහිටා ඇත. එම වගකීම් ක්‍රමවත් අයුරින් ඉටු කිරීම නිසි ප්‍රතිකාර සඳහා නියමිත වේලාවට බෙහෙත් බොනවාක් මෙනි.
රෝගීන් වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව දිනකට දෙවේලක් හෝ තුන්වේලක් හෝ නිසි ලෙස නිසි වේලාවට බෙහෙත් බොන්නේ නම් පූර්ණ සුවය ලබන්නට එය හේතුවක් වේ. මෙලෙස අපගේ සිත් ද ඒවායෙහි ඇතිවන රෝගී භාවය සුව අතට පත් කිරීම සඳහා දිනකට පස් වතාවක් අනිවාර්යයෙන් සලාත් ඉටු කළ යුතුයි. වසරකට එක් මසක් උපවාසයේ නිරත විය යුතුයි. පමණට වඩා මුදල් ඇත්නම් එහි නිසි ප්‍රමාණයට අනුව දිළින්ඳන්ට දුගියන්ට පිරිනැමිය යුතුයි. ජීවිතයේ එක් වතාවක් හෝ හජ් හෝ උම්රා වගකීම ඉටු කළ යුතුයි. එවිටය මිනිස් සිත පිවිතුරු වනුයේ. ඔවුන්ගේ ජීවිත ද නිසිඅයුරින් හැඩ ගැසෙයි. මෙලෙස එක් මිනිසෙකුගෙන් පටන් ගෙන මුලු මිනිස් සංහතියටම එමගින් සන්සුන්ව සතුටින් පිරිණු ජීවිතයක් ලබා ගත හැක.
මෙලෙස ඉස්ලාමයේ ඇති සියලු නැමදුම් යමෙකු නිසිලෙස ඉටු කරමින් පැමිණියේ නම් චිත්ත පාරිශුද්ධිය ලබා පිවිතුරු කෙනෙකු බවට පත් විය හැකැයි අල් කුර්ආන් පහත සඳහන් අයුරින් විස්තර කරයි.
يَا أَيُّهَا النَّاسُ اعْبُدُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
අහෝ මිනිසුනි, ඔබ හා ඔබට පෙර විසූවන් මැවූ ඔබගේ පරමාධිපතිට ගැතිකම් කරනු. ඔබලා බියබැතිමත් විය හැකිය. (අල්-කුර්ආන් 2:21)
ඉස්ලාමයේ අතිවැදගත් වූ සලාතය, උපවාසය, සකාත්, හජ් වැනි වගකීම් පිළිබඳ සඳහන් කරන දේව වැකි හා දේව දූතයාණන්ගේ ප්‍රකාශයන් මදක් ගැඹුරින් අවධානය කළ විට මෙම කරුණ තව දුරටත් අපට පැහැදිලි වනු ඇත.
සලාතය:
ඉස්ලාමයේ මුල්ම වගකීම වන සලාතය පිළිබඳව අල් කුර්ආනය හා නබි තුමාණන්ගේ ප්‍රකාශ පහත සඳහන් අයුරින් දැක ගත හැක.
وَأَقِمِ الصَّلَاةَ ۖ إِنَّ الصَّلَاةَ تَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ ۗ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ ۗ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ
තවද සලාතය විධිමත්ව ඉටු කරනු. නියත වශයෙන්ම සලාතය අශීලාචාර දැයින් හා පිළිකුල් සහගත දැයින් වළක්වාලයි. තවද අල්ලාහ් මෙනෙහි කිරීම වඩාත් ශ්‍රේෂ්ඨය. තවද අල්ලාහ් ඔබ සිදුකරන දෑ පිළිබදව දනී. (අල් කුර්ආන් 29:45)
عنْ أَبي هُرَيْرةٍ رضي اللَّه عنْهُ قَال : سمِعْتُ رسُول اللَّهِ صَلّى اللهُ عَلَيْهِ وسَلَّم يَقُولُ : « أَرأَيْتُمْ لَوْ أَنَّ نَهْراً بِباب أَحَدِكم يغْتَسِلُ مِنْه كُلَّ يَوْمٍ خَمْس مرَّاتٍ ، هلْ يبْقى مِنْ دَرَنِهِ شَيءٌ؟» قالُوا : لا يبْقَى مِنْ درنِهِ شَيْء ، قَال : « فذلكَ مَثَلُ الصَّلَواتِ الخَمْسِ ، يمْحُو اللَّه بهِنَّ الخطَايا » متفقٌ عليه
අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියි.
ඔබ අතුරින් කෙනෙකුගේ නිවස ඉදිරියෙන් ගඟක් ගලා යයි. ඔහු එහි සෑම දිනකම පස්වතාවක් ස්නානය කරයි. ඔහුගේ ශරීරයේ කිසිදු කිලිට්ටක් ඉතිරිව තිබේදැ? යි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම මිතුරන්ගෙන් විමසා සිටි විට, ඔවුහු එසේ කිසිදු කිලිට්ටක් ඔහුගේ ශරීරයේ ඉතිරිව නොපවතී යැයි පිළිතුරු දුන්නෝය. එවිට එතුමා පස්වේල සලාතයට උපමාව එයයි. එමගින් අල්ලාහ් පාපයන් මකා දමන්නේය යැයි පැවසූහ.
(මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්).
උපවාසය:
උපවාසය පිළිබඳව අල්කුර්ආනයේ හා නබි වදන් තුළ පහත සඳහන් අයුරින් සඳහන්ව තිබීම අවධානය යොමු කළ හැක.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
අහෝ විශ්වාස කළවුනි, ඔබට පෙර විසූවන් හට උපවාසය අනිවාර්යය කළාක් මෙන්ම ඔබ කෙරෙහි ද උපවාසය අනිවාර්යය කරනු ලැබ ඇත. (එමගින්) ඔබ ආත්ම පිවිතුරුභාවය ලැබිය හැකිවනු පිණිස. (අල් කුර්ආන් 2:183)
والصِّيامُ جُنَّةٌ فإِذا كان يومُ صومِ أحدِكم فَلاَ يرفُثْ ولا يصْخَبْ فإِنْ سابَّهُ أَحدٌ أو قَاتله فَليقُلْ إِني صائِمٌ،
තවද උපවාසය (පාපයන්ගෙන් ආරක්ෂා කරන) පළිහකි! එහෙයින්, ඔබ අතුරින් කිසිවකු උපවාසයේ නිරතව සිටිය දී ඔහු නපුරු වචනයෙන් කතා නොකළ යුතුයි. නොසන්ඩාලකම් නොකළ යුතුයි. කවරෙකු හෝ ඔහුට බැණ වැදුනේ නම් හෝ ඔහු සමඟ සටන් වැදුනේ නම් හෝ මම උපවාසය රකින්නෙමි යැයි පවසා ඉන් ඉවත්විය යුතු යැයි දේව දූත (සල්ලල්ලලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි)
සකාත්:
خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيْهِمْ ۖ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَّهُمْ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
(නබිවරය!) ඔවුන්ගේ වස්තුවෙන් දානය සඳහා වූ දෑ ගනු. එමගින් ඔවුන්(ගේ මතුපිට) පිවිතුරු කරන අතර ඔවුන්(ගේ අභ්‍යන්තරයද) පාරිශුද්ධ කරයි. තවද ඔවුනට ප්‍රාර්ථනා කරනු. නියත වශයෙන්ම ඔබගේ ප්‍රාර්ථනාව ඔවුනට සැනසුම ලබා දෙන්නකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය. (අල්-කුර්ආන් 9:103)
” تُخْرِجُ الزَّكَاةَ مِنْ مَالِكَ فَإِنَّهَا طُهْرَةٌ تُطَهِّرُكَ”
ඔබ ඔබේ ධනයෙන් (ඔබට පැවරුණු) සකාතය නිකුත් කරනු. එය ඔබ පිවිතුරු කරන පිවිතුරු දැයකි. යැයි දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් වාර්තා කරන ලදී. (අහ්මද්)
හජ්:
الْحَجُّ أَشْهُرٌ مَّعْلُومَاتٌ ۚ فَمَن فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي الْحَجِّ ۗ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ يَعْلَمْهُ اللَّهُ ۗ وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَىٰ ۚ وَاتَّقُونِ يَا أُولِي الْأَلْبَابِ
හජ් නියමිත මාසවලය, එහෙයින්, එහි කිසිවකු (ඉහ්රාම් ඇද) හජ් තමන් වෙත අනිවාර්යය කර ගන්නේ ද හජ් කාලයේ නොසණ්ඩාල කමක් හෝ දුෂ්ඨකමක් හෝ නොමනා තර්කයක් හෝ නොමැත. ඔබ යම් යහපතක් සිදු කළේ නම් එය අල්ලාහ් දනී. තවද ඔබ (හජ් සඳහා) ගමන් මලු සකසා ගනු. නමුත් ගමන් මලු අතුරින් වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ තක්වා (හෙවත් දෙවියන් පිළිබඳ වූ මානසික හැඟීමය) එහෙයින් අහෝ බුද්ධිමතුනි, ඔබ මා සමඟ බියබැතියෙන් යුතුව කටයුතු කරන්න. (අල්-කුර්ආන් 2:197)
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ حَجَّ فَلَمْ يَرْفُثْ وَلَمْ يَفْسُقْ رَجَعَ كَمَا وَلَدَتْهُ أُمُّهُ
නොමනා කතා නොපවසා පාපකාරී කටයුතුවල නිරත නොවී කෙනෙකු අල්ලාහ් වෙනුවෙන් හජ් ඉටු කළේ නම්, ඔහු ඔහුගේ මව ඔහුව ප්‍රසූත කළ දින සිටියාක් මෙන් (පව් නොදන්නා බිළිදෙකු මෙන්) නැවත හැරී එනු ඇතැයි දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කරන ලදී. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
” تَابِعُوا بَيْنَ الْحِجِّ وَالْعُمْرَةِ ، فَإِنَّهُمَا يَنْفِيَانِ الْفَقْرَ وَالذُّنُوبَ ، كَمَا يَنْفِي الْكِيرُ خَبَثَ الْحَدِيدِ “
ඔබ හජ් ඉටු කර ඊට පරව උම්රාවද ඉටු කරන්න. යකඩයේ බැඳු මළ කම්මල් කරු ඉවත් කරන්නාක් මෙන් දිළිඳුකම හා පාපකම් ඒ දෙක ඉවත් කරනු ඇත. යැයි දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් වාර්තා කරන ලදී. (මූලාශ්‍රය: අහ්මද්, තිර්මිදි, නසාඊ)
සලාතය සලකා බලන විටදී එය දිනකට පස් වතාවක් මනසට ලබා දෙන බෙහෙත් මෙනි. උපවාසය වසරකට එක් වරක් ලබා දෙන එන්නත් මෙනි. සකාත් අවශ්‍යතා ඇත්තන් හට වසරකට වරක් විඳින එන්නත් මෙනි. හජ් හා උම්රා අවශ්‍යතා ඇත්තන් හට ජීවිතයේ එක් වරක් ලබා දෙන අති වැදගත් එන්නතක් මෙනි. අමතර වත්පිළිවෙත් සලකා බලන විටදී රෝගීභාවයට එරෙහිව නැගී සිටිමින්
ශක්තිය රෝපණය කොට මනසට ලබා දෙන විටමින් මෙනි.
එහෙයින්, දෙවියන් අපට නියම කළ ආගමික වත් පිළිවෙත් විධිමත් ලෙසින් ඉටු කර මානසික සුවය ලබා දැහැමියන් අතරට අප සියල්ල ඔහු පත් කරත්වා!
ආමීන්
ශරීරය රෝගාතුරවනවාක් මෙන්ම සිත ද රෝගාතුර වෙයි. නිසි අයුරින් ඒ සඳහා ප්‍රතිකාර නොකළ විට එය විනාශ වී යන්නට විවිධ අවස්ථාවන් උදාවෙයි. නිරතුරුව රෝගී භාවයට පත්වන සිත් සුව කිරීම පිණිස ඉස්ලාම් පෙන්වා දෙන ක්‍රමවේදයක් වශයෙන් පස්වේල සලාතය, රමළාන් මාසයේ උපවාසය ඇතුළුව සියලු ඉස්ලාමීය වත්පිළිවෙත් පිහිටා ඇත. එම වගකීම් ක්‍රමවත් අයුරින් ඉටු කිරීම නිසි ප්‍රතිකාර සඳහා නියමිත වේලාවට බෙහෙත් බොනවාක් මෙනි.
.