ඉස්ලාම් සහ කිතුනු දහම එක් දෙවියෙක් ආගම් දෙකක්


සැමට කරුණාභරිත පරම කරුණාභරිත අල්ලාහ්(1)ගේ නාමයෙන් ආරම්භ කරමි.

සියලු නබිවරුන් සහ සංදේශකවරුන්ගේ පරමාර්ථය ඉතාමත් අත්‍යවශ්‍ය කොත් ගල සහ ශක්තිමත් කුලුනයක් මත පදනම් කර ගත් එකකි. එනම් විශ්වයේ මැවුම් කරුවෙකු වෙත මනුෂ්‍ය සංහතිය රැගෙන යෑමයි. මේ හේතුවෙන් මිනිසා දෙවියෙක් සිටින බව විශ්වාස කිරීම සහ එම දෙවියන් වහන්සේට නැමදුම් කිරීම සිදු කළ යුතු අතර, මේ මාර්ගයෙන් මෙලොවෙහි යහපත් ජීවිතය තුළින් සතුටින් සිටීමයි.අල්ලාහ් විසින් මවන ලද මිනිසුන් අතර තිබෙන සහෝදරත්වය පිළිබඳ ව ද මිනිසා ගේ ශ්‍රේෂ්ඨ භාවයේ මිණුම් තලය වන්නේ  බැතිමත්කම, ධාර්මිකතාව සහ ගුණවත් භාවය යනුවෙන්ද අල්ලාහ් ගේ සියලු සංදේශකවරුන් තරයේ ප්‍රකාශ කළෝය.

“ජනයිනි!  සැබැවින්ම අපි නුඹලා ව පිරිමියෙකු හා ස්ත්‍රියෙකු ගෙන් මැවුවෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ජාතීන් හා ගෝත්‍ර වශයෙන් පත් කළෙමු. සැබැවින්ම අල්ලාහ් අබියස නුඹලාගෙන්  ඉතා ශ්‍රේෂ්ඨයා නුඹලාගෙන් ඉතා බිය භක්ති වන්තයාය. සැබැවින්ම අල්ලාහ් සර්වඥය, අති ඥානවන්තය.” යනුවෙන් අල් කුර්ආනය පවසයි. සූරා හුජරාත්

49:13

එකම දෙවියෙක් කෙරෙහි විශ්වාසය සහ මානව සහෝදරත්වය යන භූමිකාව පදනම් කර ගෙන අපි සියලු දෙනාම ආදරය, එකඟතාව සහ සාමය සහිත ව ජීවත් විය යුතුය. අල්ලාහ්ගේ සියලු නීති රීති පහළ කරනු ලැබුවේ මේ බව අවධාරණය කරනු පිණිසයි. විවිධ යුගයේ පැමිණි සියලු නබිවරුන් ම අල්ලාහ්ගේ දහම සෑම කලකම එකක් වූ බවද, එම නබිවරුන් සියලු දෙනාම ඉතා හිතවත් සහෝදරයන් බවද, ඔවුන් අතර කිසිවිටක එදිරිවාදිකම් නොවු බවද, ඔවුන්ගේ නිවේදනයේ අරමුණ එකක් බවද, ඔවුන් සියලු දෙනාම නිර්මාණය කරනු ලැබුවේ එකම දෙවි කෙනෙක් විසින් බවද, ඔවුන්ගේ ආගම් හි මූල ධර්මය එකක් බවද, ඒවා අතර කිසිදු අසමතාව හෝ පරස්පරවීමක් නොමැති බවද අපහට පෙන්වා දුන්හ.

මෙම යථාර්ථය සියලු පරම්පරාවේ හදවත් තුළ ස්ථාපිත කරනු පිණිස සියලු ආගම් හි ලෝක නැණවතුන් අතර සමීප සහයෝගයක් ගොඩ නැගිය යුතුය. මෙම අගනා මතය ප්‍රචාරණය කිරීම සඳහා පසු ගිය වසර තිහක්ම වෙහෙස දැරු ආගමික විද්වතුන් සිටිති. මෙම මතය කෙරෙහි ඔවුන් සියලු දෙනාම පොලඹවනු ලැබීමට හේතු වුයේ, මානව වර්ගය පිළිකුල් හා වෛරය නොමැතිව, සියලු මිනිස් වර්ගයේ සුබ සාධන සඳහා අවශ්‍ය වන සාමයෙන් ජීවත් වීමට මෙය එකම මාර්ගයක් වන නිසාද, මේ බව අල් කුර්ආනයේ සහ ගොස්පලයේ මේ බව සනාථ වී තිබීමද යන හේතුවෙන්ය. ආගම් විසින් පවරන ලද මිනිසාගේ අරමුණ පිළිබඳව පහළ කරන ලද ආගම් අතර කිසිදු අසම්මතියක් නැත. මේ ගැන අල් කුආන් සඳහන් කරන්නේ මෙලෙසය.

“නුඹට කවර දෙයක් පිළිබඳ ව අවවාද කළේ ද එයම දහමින් නුඹලාට ද ආගමානුගත කළේය. අපි නුඹ වෙත වහී පහළ කළ දෑ ද ඉබ්‍රාහීම්ට, මූසාට, ඊසාට කවර දෙයක් පිළිබඳ ව අවවාද කළේ ද එය ද වන්නේ. (එය නම්) ‘නුඹලා දහම ස්ථාපිත කරවු. එහි නුඹලා වෙන්ව නොයවු.‘  යන්නයි.” සූරා අල් ෂුඅරා

42:13.

අල්ලාහ්ගේ ආගම සෑම කලකම, සෑම නබිවරුන්ටම එකක් වූ බවද, ඔහුගේ නබිවරුන් ට සහ ඔවුන්ගේ ජනතාවට තමන් අතර එකඟ වී සමගි වන ලෙසද, සිත් වෙනස් වී කල්ලි නොබෙදෙන ලෙසද අල්ලාහ් අණ කරන මෙම කුර්ආන් වදන පැහැදිලි ව  පවසයි. මෙවැනි වාක්‍ය තවත් කිහිපයක් අල් කුර්ආනයේ දක්නට ඇත.

“සැබැවින්ම නූහ් (නබි)ට හා ඔහුගෙන් පසු වූ නබිවරුන්ට වහී පහළ කළාක් මෙන් නුඹ වෙත ද සැබැවින්ම අපි වහී පහළ කළෙමු. (ඒ අනුව) අපි ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ්, අස්බාත් (හෙවත් යඃකූබ්ගේ පරපුර) ඊසා, අය්යූබ්, යූනුස්, හාරූන් හා සුලෙයිමාන් යන අයට ද වහී පහළ කළෙමු. තවද අපි දාවූද්ට සබූර් (ග්‍රන්ථය) පිරිනැමුවෙමු.” සූරා අන් නිසා

4:163.

මෙවැනි නිවේදනය සාරයෙන් සහ ගුණාත්වයෙන් අල්ලාහ් සෑම නබිවරයෙකුට දුන් අතර, මේ නබිවරු සියලු දෙනාම එකම උල්පතකින් තම දැනුම ලාබුහ. තවද, සියලු මුස්ලිම්වරුන් අල්ලාහ් විසින් එවනු ලැබු සියලු නබිවරුන් කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවද, ඔවුන් ව අනුගමනය කළ යුතු බවද කුර්ආන් අණ කරන බව සාධක දැකිය හැක.

“අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කළ දෑ ද ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා අස්බාත් (හෙවත් ඔවුන් ගේ පරපුර) වෙත පහළ කළ දෑ ද, මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු. තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු. යැයි (මුස්ලිම් වරුනි!) නුඹලා පවසනු.” සූරා බකරා

2:136.

අල් කුර්ආනය පාරායනා කරන ඕනෑම කෙනෙක් එහි තිබෙන දීර්ඝ පරිච්ඡේද ජේසුස් (ඊසා) වහන්සේ සහ එතුමාණන්ගේ මෑණිය වන මරියම් තුමිය යන දෙදෙනාට උතුම් බව සහ ගෞරවය පමුණුවන බව දැක ගත හැක. එ පමණක් නොව, ජේසුස් (ඊසා) තුමාණන් ඉටු කළ හාස්කම් පිළිබඳ ව පැහැදිලි ව කුර්ආනය සනාථ කරයි. මැටියෙන් කුරුල්ලන් නිර්මාණය කර ඒවාට ප්‍රාණය දී ඒවා පියඹා යෑම, තොටිල්ලේ සිටි කිරි සප්පයා වන ජේසුස් (ඊසා) තුමාණන් තම මවට චෝදනා නගමින් එතුමියට දඬුවම් පමුණු වන්නට පැමිණි නගර වැසියන්ට එකුමියගේ පාරිශුද්ධතාවය පිළිබඳ ව තහවුරු කිරීම යන සිද්ධීන් අල්ලාහ්ගේ අනුමැති සහිත ව එතුමාණන් ඉටු කළේය. මේ විස්තර කිසිවක් ශුද්ධ වූ බයිබලයේ දක්නට පවා නැත. ඇත්තවශයෙන්ම ලේ පිපාසයෙන් මරියම් තුමියට දඬුවම් පමුණුවන්නට පැමිණි යුදෙව් නගර වැසියන් තිගැස්සී, බියට පත්වී ඇයගෙන් ඈත්වී පලා දිව්වේ ළදරු ජේසුස් වහන්සේ දුන් වාචික සාක්ෂිය නිසාය.

අල් කුර්ආනයේ ජේසුස් (ඊසා) වහන්සේට අදාළ දීර්ඝ පරිච්ඡේද දෙකක් තිබේ. ඒවා නම් සූරා මරියම් සහ ඉම්රාන්ගේ කුටුම්බය - ජේසුස් (ඊසා) තුමාණන්ගේ කුටුම්බය නමින් පරිච්ඡේද දෙකක්ය . මරියම් තුමිය දිව්‍යමය හාස්කමින් ගැබ් ගැනීමෙන් ජේසුස් (ඊසා) තුමාණන් ව ප්‍රසූත කළ සිද්ධිය මෙම සූරා දෙකෙ හි සඳහන් වේ.

“අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔබ ව තෝරා ගත්තේය. ඔබ ව පිවිතුරු කළේය. තව ද ලෝවැසි කාන්තාවන්ට වඩා ඔබ ව තෝරා ගත්තේය යැයි මලක්වරුන් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අහෝ මර්යම්! ඔබ ඔබේ පරමාධිපතිට අවනත වනු. (නළල බිම තබා) සුජූද් කරනු. තව ද (හිස නමා) රුකූඋ කරන්නන් සමඟ ඔබ ද රුකූඋ කරනු. මෙය ගුප්ත පුවත් අතුරිනි. අපි එය නුඹට හෙළිදරව් කරන්නෙමු. මර්යම්ට භාරකාරත්වය දරනුයේ ඔවුන්ගෙන් කවුරුන් දැ යි යන්න පිළිබඳ ව ඔවුන් ඔවුන්ගේ පන්හිදවල් වීසි කර (කුසපත්) දමන විට ඔවුන් අසල (නබි තුමනි!) නුඹ නොසිටියෙහිය. එමෙන්ම ඔවුන් වාද කරන විට ඔබ ඔවුන් අසල නොසිටියෙහිය. අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔහුගෙන් වූ වදනක් පිළිබඳ ඔබට ශුභාරංචි දන්වන්නේය. ඔහුගේ නම මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් ය. ඔහු මෙලොව හා මතු ලොව ගරුත්වයක් ඇති දේව සමීපතයින් අතුරින් කෙනෙකි.”

සූරා ආල ඉම්රාන් 3: වාක්‍ය 42 සිට 46 දක්වා.

(සැලකිය යුතු කරුණක්: ඉම්රාන් යනු මෝසස් (අලෙ) තුමාණන්ගේ පියාගේ නාමය වේ. ඔහු මරියම් තුමියගේ මවගේ පාර්ශවයෙන් ඇයට සීයා වන අතර, ඔවුන්  දෙදෙනාම එකම පවුලට අයත් සාමාජිකයින්ය. අල්ලාහ් අබියස උතුම් ස්ථානයක් දරන ජේසුස් (ඊසා) තුමාණන් ගැන මුස්ලිම්වරුන්ට අල් කුර්ආනය මෙසේ සඳහන් කරයි.)

“මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් අල්ලාහ්ගේ දූත‍යෙකි. එය ඔහුගේ නියෝගයකි, එය මර්යම් වෙත හෙළුවේය. තවද ඔහුගෙන් වූ ආත්මයකි.” සූරා අන් නිසා

4:171.

මෙවැනි අදහස්, විශේෂයෙන් ජේසුස් (ඊසා) තුමාණන් සහ ක්‍රිස්තියානු දහම වෙත ගෞරව දක්වන ලෙස මුස්ලිම්වරුන්ට ලැබු අණ තුළින් අල් කුර්ආනය සහ මුහම්මද් නබි (සල්)(2)තුමාණන්ගේ මඟ පෙන්වීම් යටතේ මුස්ලිම් සහ ක්‍රිස්තියානුවන් අතර සහයෝගතා ගොඩ නගන්නට රුකුල් දෙනු ලැබුණි. යහපත් සදාචාර සහ ගුණදම් පදනම් මත මුස්ලිම්වරුන්ට ඉතාමත් සමීපතම අය ක්‍රිස්තියානුවන් වන බව කුර්ආන් පැහැදිලි කරයි.

“යම් කෙනෙක්  අපි නසාරා වරු (නzසරේත් ජනතාවට අයත් කිතුනුවන්) යැයි කියන්නෝද, ඔවුහු විශ්වාස කරන අයට ආදරයෙන් ළංවූවන් ලෙස නුඹ දක්නෙහිය.  මෙය ඇත්තෙන්ම, ඔවුන් අතර පඬිවරුන්ද, සන්‍යස්තකයන්ද ඔවුන්ගෙන් වූ නිසාත් ඔවුන් උඩඟු නොවන නිසාත්මය.” “තවද රසූල්වරයා වෙත පහළ කරනු ලැබු දැයට ඔවුන් ඇහුම්කන් දුන් කල්හි,  ඔවුන් සත්‍යය වටහා ගත් හෙයින් ඔවුන්ගේ දෑසින් කඳුළු ඉතිරී ගලා බැසීම නුඹ දක්නේය. අපගේ ස්වාමිනි! අපි විශ්වාස කෙළෙමු. එහෙයින් සාක්ෂි දුන් සාක්ෂි දරන්නන් සමඟ අප ලියා තබව යි, ඔවුහු කියන්නෝය.” “ඔවුන් කී දැය නිසා ඔවුනට අල්ලාහ් එහි යටින් ගලා බස්නා ගංගාවෙන් යුත් ජන්නාව ඵල විපාක වශයෙන් දුන්නේය. ඔවුහු එහි සදාකල් වෙසෙති. එය යහකම් කරන්නවුන්ගේ ඵල විපාකය.”

සූරා මායිදා 5: 82,83 සහ 85.

ක්‍රිස්තියානු දහම සහ එහි ගොස්පලය කෙරෙහි ඉස්ලාම් දක්වන මෙවැනි ධනාත්මක ආකල්පය හේතු කොට ගෙන පැරණි යුගයට අයත් කිතුනුවන් බොහෝ දෙනෙක් මුහම්මද් (සල්) සහ එතුමාණන් ගෙන ආ නව ආගම නිසි ලෙස හඳුන්වා ගෙන ඒවා කෙරෙහි තම විශ්වාසය ප්‍රකාශ කිරීමට පොලඹවනු ලැබුහ. ඔවුනතර බොහෝ දෙනෙක් ඉස්ලාමය ව්‍යාප්ත කිරීම පිණිස මුදලින් හා වදනින් සහය දැක්වුහ. හත් වන ශත වර්ෂයේ පාලනය කළ එතියෝපියාවේ මහරජ තම දේශයට සංක්‍රමණය කළ මුස්ලිම්වරුන්ට, ඔවුන්ගේ ආගමික ග්‍රන්ථය වන කුර්ආනයේ ජේසුස් (ඊසා) තුමාණන් සහ එතුමාගේ ආගම පිළිබඳ ව දේව වාක්‍ය කිහිපයක් පාරායන කරන ලෙස අණ කළේය. ජාබිර් (රළි)(3) තුමා එසේ පාරායනා කර පෙන් වූ විට, මහරජ සමඟ කිතුනු පූජකයන්ද දෑසින් කඳුළු සැලූහ. මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ්ගෙන් එවනු ලැබු නබි වරයෙකි යැයි මහරජ සනාථ කළේය. “ජේසුස් (ඊසා) සහ මුහම්මද් (සල්) තුමාණන් යන දෙදෙනාම රැගෙන ආ නිවේදනය එකම උල්පතකින් බව මහරජ ප්‍රකාශ කළේය. මෙලෙස ප්‍රකාශ කරන විට මහරජ තමා අදහන කිතුනු දහම අතහැරියේ නැත. මෙයට හේතුව ජේසුස් (ඊසා) තුමාණන්ගේ ආගමික අණපනත් සහ ඉගැන්වීම ඉවත දමන ලෙස ඉස්ලාම් නොපවසයි. කිතුනුවන් අමතමින් අල් කුර්ආනය මෙසේ ප්‍රකාශ කරයි.

“ඉන්ජීල් (ගොස්පලය) හිමි අය අල්ලාහ් එහි පහළ කළ දැයින් විනිශ්චය කෙරෙත්වා! යම් කෙනෙක් අල්ලාහ් පහළ කළ දැයින් විනිශ්චය නොකළාහු නම්, සැබැවින්ම ඔවුහු, ඔවුහුමය දුදනෝ!”

5:47

“ඔවුන්ගේ (නබිවරුන්ගේ) මාර්ගයෙහිම තමා ඉදිරියෙහි වු තව්රාත් සත්‍යය කරමින් මරියම්ගේ පුත් ඊසා (ජේසුස් වහන්සේ)ද අනුපිළිවෙළින් අපි සැලැස්සුවෙමු. ඔහුට ඉන්ජීල්ද (ගොස්පලය)  දුනිමු. එහි යහමඟද, ආලෝකයද වෙයි. ඒ එයට පෙර වූ තව්රාතය සත්‍යය කරයි. බැතිමතුන්ට එහි යහමඟ ද උපදෙස් ද වෙයි.”5:46

5:46

මුහම්මද් නබි (සල්) තුමාණන් මෙසේ වදාළහ. “සියලු නබිවරුන් අතර ජේසුස් (ඊසා) තුමාණන්ට මම බොහෝ සමීප වෙමි.”  යනුවෙන් ද,

“සියලු නබිවරුන් එක් පියෙකුගෙන් වූ නමුත් විවිධ මව්වරුන් මගින් බිහි වූ සහෝදරයන් වෙති. ඔවුන් රැගෙන ආවේ එකම ආගමකි.” යනුවෙන් ද

“මුස්ලිම් වන නුඹලා මිසර රජය පරාජය කරන්නේය. මෙය සිදු වන විට එහි ක්‍රිස්තු බැතිමතුන්ට කරුණාව දක්වනු මැනව.”

ඉස්ලාමීය රාජ්‍යයේ සිව් වැනි කාලිෆාවරයා වන අලි ඉබ්නු අබි තාලිබ් (රළි) තම සමකාලීන ක්‍රිස්තු බැතිමතුන්ට මෙසේ උපදෙස් දීමට පුරුදු වී සිටියේය.

“ඔබ ක්‍රිස්තු දහම කෙරෙහි විශ්වාස කිරීම අපි තහනම් නොකරමු. ඇත්ත වශයෙන්ම අප ඔබට උපදෙස් දෙන්නේ එය අනුගමනය කරන ලෙසය.”

මෙවැනි සිද්ධීන් බොහෝමයක් තිබේ. මුහම්මද් නබි (සල්) තුමාණන් මදීනාවට පැමිණි ආගන්තුක ක්‍රිස්තියානු පිරිසට නැමදුම් කරන ස්ථායක් බවට, තමා නැමදුම් කරන මස්ජිදය පත් කර දුන්නේ, අගනා සංහතිය, ආදරය, සෙනෙහස සහ සංහිඳියාව පෙන්වනු පිණිස නොවේද?

ඩමස්කස් නුවර ඉස්ලාමීය රාජ්‍යයේ ප්‍රධාන නගරය බවට පත් වූ විට එහි  උමය්යාද් මස්ජිදය මුස්ලිම් සහ කිතුනුවන්ට නැමදුම් කරන ස්ථානයක් බවට මුස්ලිම්වරු සකස් කර දුන්හ. මුස්ලිම්වරු සහ ක්‍රිස්තු බැතිමතුන් එක දොරටුවෙන් ඇතුළු වුහ. මස්ජිදය කොටස් දෙකට වෙන් කර, එකිනෙකාගේ ඉදිරියේ තම තමන්ගේ නැමදුම ඉටු කළහ.

පහළ කරන ලද උතුම් ආගම් අතර පැවතුනු අවබෝධතාව පදනම් කර ගත් සමීපතාව සහ ගෞරවය මත පැරණි යුගයේ මෙවැනි සිද්ධීන් අවශ්‍ය යෙන්ම සිදු විය. ඔවුන් දෙපිරිසම තම ආගම් හි අභිමතාර්ථය සහ අරමුණ කුමක්දැ යි එකඟතාවට පත් වූ  හෙයින් ආගම් හී සාරයේ සහ ආරම්භයේ කිසිදු ගැටුම් නොවීය. උමර් (රළි) නමැති ඉස්ලාමයේ දෙවැනි කාලිෆා වරයා ජෙරූසලම් නුවර සිටින විට ජේසුස් (ඊසා) තුමාගේ මෘත ශරීරය තැන්පත් කළ ශුද්ධ වූ සොහොන් ගැබ (Holy Sepulcher) ලැස හැඳින්වන ස්ථානයේ තම නැමදුම ඉටු කිරීමට ප්‍රතික්ෂෙප කිරීමට එකම හේතුව, එම ක්‍රිස්තියානු දේව ස්ථානය සහ එයින් කොටසක් ඉදිරි අනාගතයේ මුස්ලිම්වරු මස්ජිදයක් බවට පරිවර්තනය කළ හැක යනුවෙන් බිය වූ නිසාය. මේ ආකාරයෙන් එම ස්ථානයේ පවිත්‍ර භාවය එතුමා රැක දුන්නේය. දෙවියන්ගෙන් ග්‍රන්ථ දෙන ලද ආගම් අනුගමනය කරන යුදෙව් සහ ක්‍රිස්තු බැතිමතුන්ට කරුණාව දක්වන ලෙස මුහම්මද් නබි (සල්) මුස්ලිම්වරුන්ට අණ කළහ.

“කවරෙකු හෝ කිතුනුවෙකුට හෝ යුදෙව් කෙනෙකුට පීඩාව පමුණු වන්නේද, අවසාන දිනයේ ඔහු මගේ සතුරෙකු බවට පත් වන අතර, ඒ සඳහා ඔහු දඬුවම් ලබන්නේය.“ යැයි නබි (සල්) තුමාණේ වදාළහ. තවද “කොප්ටික් කිතුනුවන්ට කරුණාව දක්වනු” යැයි ද එතුමාණන් පැවසුහ.

දිනක් මිසර් දේශ ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයා රණ්ඩුවක ක්‍රිස්තියානුවෙකුට හිසට පහර දුන්නේය. පහර ලත් තැනැත්තා සාධාරණය පතා මදීනා නුවරේ උමර් (රළි) වෙතට ගියේය.  එවිට උමර් (රළි) තුමා මිසර් පළාතේ ආණ්ඩුකාරයා සහ ඔහුගේ පුත්‍රයා ව කැඳවා විභාග පැවැත්වීමෙන් අනතුරු ව ක්‍රිස්තියානු පුරවැසියාගේ අතට කසය දී, ඔහුගේ විරුද්ධවාදියාට රාජ්‍ය නිලධාරීන් සියලු දෙන ඉදිරියේ පහර දෙන ලෙස අණ කළේය. මෙලෙස පුත්‍රයාට පහර දුන් පසු, ආණ්ඩුකාරවරයා වන අම්ර් (රළි) ට කස පහර දෙන ලෙස උමර් පැවසුවේය. එවිට එම ක්‍රිස්තියානි මිනිසා “මට යුක්තිය ලැබුණි“ යැයි කීවේය. එවිට අම්ර් (රළි) “විශ්වාසීන්ගේ නායක තුමණි! මට පහර දෙන ලෙස පැවසුවේ කුමක් නිසාදැ?“ යි විමසුවේය. “ඔබේ පුත්‍රයා වරද සිදු කළේ ආණ්ඩුකාරවරයෙක් වශයෙන් ඔබ දරන තනතුර නිසා” යැයි පිළිතුරු දුන් උමර් (රළි) තුමා පහත සඳහන් වැදගත් වදන ප්‍රකාශ කළේය. “මව්වරුන් ප්‍රසූති කරන නිදහස් ජනතාව නුඹලා වහල් බවට පත් කරන්නේ කෙසේද?”

පහළ කරන ලද ආගම් ආරක්ෂා කිරීම පිණිස, ඉස්ලාම් තවත් පියවර කිහිපයක් ගත්තේය. යුරෝපයේ බයිzසන්ටයින් ක්‍රිස්තු වරුන්ගේ සේනාව පිළිම වන්දනා කරන පර්සියානු සේනාව විසින් පරාජයට පත් වූ අවස්ථාවේ මුස්ලාම්වරු මහත් කම්පනයට පත් වූ බව අපි දනිමු. එම අවදියේ මක්කා නගරයේ පිළිම වන්දනා කරුවන්ගෙන් මහත් පිඩනයට මුස්ලිම්වරු පත්වසිටි එම අවස්ථාවේ මුහම්මද් (සල්) තුමාණන් වෙත පැමිණි ජිබ්රීල් (අලෙ) තුමා, වසර නවයක් ඇතුළත ක්‍රිස්තියානු සේනාව යළි ජය ගන්නා බව සුබාරංචියක් අල්ලාහ්ගෙන් ගැනැවිත් මුස්ලිම් වරුන්ට සහන සැලසුවේය. මෙම අනාවැකිය අල් කුර්ආනයේ සූරා රූම් හි පැහැදිලි ව වාර්තා වී තිබේ.

“අලිෆ් ලාම් මීම්. රෝමානුවරු ජරාජය කරනු ලැබුවෝය. (ඔවුනට) සමිප භූමියෙහි. ඔවුන්ගේ පරාජයෙන් පසු ඔවුහු මතු ජයග්‍රහණය කරන්නෝය. (එළඹෙන) වසර කිහිපය දී. පෙර හා පසු (සියලු) විෂයයන් අල්ලාහ් සතුය. එදින විශ්වාසවන්තයින් සතුටු වන්නෝය. අල්ලාහ්ගේ උපකාරයෙන්, ඔහු අභිමත කරන අයට උදව් කරන්නේය. තවද ඔහු අතිබල සම්පන්නය. පරම කරුණාභරිතය.”

සූරා 30: 1 සිට 5 දක්වා.

පහළ කරනු ලැබු සියලු ආගම් වල අනුගාමියන් වන මුස්ලිම්, ක්‍රිස්තු බැතිමතුන් සහ අනිකුත් බැතිමතුන් සහ ඔවුනතර චින්තකයන් වෙත ආරාධනා කිරීමට, ඔවුන් සියලු දෙනා අතර බන්ධුත්වය වර්ධනය කිරීමට ආධ්‍යාත්මික අවබෝධය යළි හඳුන්වා දීමට අපට අවස්ථාව පැමිණ ඇත. මෙම කුටුම්භ සමගිය සියලු මානව සංහතියම පිළිගැනීම සඳහා උපයෝගි කළ යුතු සිද්ධාන්තය වන්නේ “පොදු එකඟතාවයන්හි සහයෝග දැක්වීම සහ වටිනාකමක් නොමැති වෙනස්කම් කෙරෙහි ඉවසීමෙන් කටයුතු කිරීම.” යන ස්ථාවරයයි.

මැවුම්කරු, අසමසම, සහකරුවෙක් නොමැති, සගයෙක්  නොමැති දේවියන් වහන්සේ ගැන ධර්මය පිළිබඳ වූ මත බයිබලය හා අල් කුර්ආනයේ පැහැදිලි ව සදහන් කර ඇත. යොහාන් තුමාගේ පොතේ, ජේසුස් වහන්සේ මෙසේ පවසයි. “මෙම ජීවිතය නිත්‍යයයි, සැබෑ එකම දෙවියන් වහන්සේ ඔබ පමණක් බවද, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ විසින් එවනු ලැබු කෙනෙකු බවද ඔවුන් දැන ගනු පිණිසය.” මතෙයු පොතේ අපි මෙසේ කියවමු. “ඔබගේ දෙවියන් වහන්සේ හා පරමාධිපති වෙතට දණ ගසනු, ඔහුට පමණක් පුද පූජා කරනු.”

එමෙන්ම, මුහම්මද් (සල්) තුමාණන් ව අමතා අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.  “පවසනු! ඔහු අල්ලාහ්ය. එක්කෙනෙකි. අල්ලාහ් හැර අන් දෙවි කෙනෙක් නොමැත.”

ජේසුස් වහන්සේගෙන් අවසාන හෝරාව ගැන ප්‍රශ්න කරනු ලැබු විට, එය කවර දිනක හෝ කුමන මොහොතේ පැමිණෙන්නෙ දැයි කිසිවෙක් නොදනී.” යනුවෙන් පිළිතුරු දුන්හ.

මේ බව ම්හම්මද් (සල්) තුමාණන්ට අල් කුර්ආනය පවසයි.

“ඔවුහු නුඹගෙන් අන්තිම පැය (අන්තිම දින) ගැන එය වන්නේ කවදා දැයි අසති. එහි දැනුම මාගේ ස්වාමිගේ සන්නිධානයෙහි පමණක් යැයි කියනු.” සූරා අල් ආරෆ් 7:187.

සූරා අල් ආරෆ් 7:187.

අප දෙපාර්ශවයේ ආගම් දෙකේම ආරම්භක උල්පත් අතර තිබෙන සමීපතා සහ  අරමුණ පිළිබඳ දත්ත වෙත අවධානය යොමු කළ මුස්ලිම් මෙන්ම ක්‍රිස්තියානු දේව ධර්මවරයන්ට ඉස්ලාම් සහ ක්‍රිස්තු ආගම් දෙක සහයෝගයෙන් හා පරීක්ෂාකාරී ව අධ්‍යයනය කරන ලෙසද පොදු ජනතාවගේ සුබසාධනය සහ සාමය සඳහා සංවාදයේ යෙදෙන ලෙසද ඇරයුම් කරයි. මෙවැනි උතුම් ස්ථාවරය පදනම් කර ගත් ක්‍රිස්තියානු කවියා වන හාමිල් ඩාමූස් මෙසේ ප්‍රකාශ කරයි.

අරාබි භාෂාවේ සම්මානනීය කවියෙකු වන අහ්මද් ෂව්කි මෙසේ ප්‍රකාශ කරයි.

ආගම් දෙකේ අනුගාමිකයන් සහ ඔවුන්ගේ නායකයන්, විද්වතුන්, උසස් අධ්‍යාපනය ලත් පිරිමින් සහ කාන්තාවන් සහ කුර්ආනයේ බැතිමතුන් අතර ඉස්ලාමයේ තොටිල්ල ලෙස හැඳින් වන පෙරදිග දේශයේ සිදු වු මෙවැනි ආදරයෙන් පිරුණු සම්බන්ධකමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් ගොස්පලයේ බැතිතුන්ට ආචාර කළාක් මෙන් ජේසුස් වහන්සේගේ අනුගාමිකයන්ද මුහම්මද් තුමාණන්ගේ අනුගාමියන්ට ආචාර කළහ. අබ්‍රහාම් තුමාගේ ධාර්මික වෘක්ෂයේ අතු, ඒවායේ සාරයේ සහ මාධ්‍යයේ මුණ ගැසීමෙන්, එහි මූල ධර්මය එකක් වන අතර, එහි නබිවරු එක් පියෙකුගෙන් ආරඹය ලැබු සහෝදරයන් ය. එනම් එකම ආගමෙන් එහෙත් විවිධ මව්වරුන් ගෙන්ය.

සමස්ථ ජාතීන්ගේ සංවිධානය හෙවත් (League of Nations) පරාජයට පත් වූ පසු, විශ්ව දේශපාලකයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් රැස් වී එක්සත් ජාතීන් සහ ආරක්ෂක කවුන්සලය ස්ථාපිත කළහ. එක් වරක් හෝ උපයෝගි කළේ නම්, මිනිස් සංහතිය සහමුලින්ම විනාශ විය හැකි න්‍යෂ්ටික ආයුධ භාවිත කිරීම තහනම් කිරීම සහ නිරායුධකරණය පිණිස ඔවුන් අඛණ්ඩ ව සාකච්ඡාවන් හී යෙදුනහ. එහෙත් සමස්ත ලෝකය බලා පොරොත්තු වූ නිත්‍ය සාමය ඔවුන්ට ලැබුණේද? මිනිස් වර්ගයා සාමයෙන් ජිවත් වනවාද? අප අතර කාලකණ්ණිකම අවසන් වුයේද? කුස ගින්න යන වදන ශබ්ද කෝෂයෙන් ඉවත් වුයේද? නවීන යුගයේ යුද්ධ භීතිය අවසන් වුයේද? නවක සොයා  ගැනීම තුළින් විනාශකාරි ආයුධ නිෂ්පාදන නතර වුයේද?

හෘදයංග අවංකභාවය හා දේව විශ්වාසය සහිත ව ක්‍රියා කරන ජනතාවගෙන් දැනුම ලබන්නට, ගරු කිරීමට සහ එකිනෙකා සමග සහයෝග දක්වන්නට මනුෂ්‍ය ප්‍රජාව ඉගෙන නොගත්තේ නම්, අපගේ තත්ත්වය ඉතාමත් අනතුරු දායක විය හැකි අතර, මහ පොළොවේ සිදු වන සෑම අඩුපාඩුව, අන්තවාදය, සහ අසමගිය නිසා හට ගන්නා මහත් පිඩාව, ලේ වැගිරීම සහ විනාශය සඳහා මෙලොවේ සහ මරණයෙන් පසු මතු ලොවේද, දෙවියන් වහන්සේ අපහට තරවටු කරන බවද අපි දැන ගත යුතුය.

සහයෝගය සහ සහෝදරත්වය අවශ්‍ය වන ලොවට සාමය ගෙන ඒම සඳහා දේව විශ්වාස සහිත ජනතාව වන අපහට, දෛවය විසින් පොලඹවනු ලැබු ආයතනයක උපකාර සහ සහාය අව්‍යශ වී තිබේ.  නවීනතම විද්‍යා සහ තාක්ෂණවේදය පසු පස උද්‍යෝගිමත් ව වැර දරා අපි ලුහු බඳින නමුත්, සමාජයේ දුබල හා ශක්තිමත්, පීඩිත හා පීඩා කරන, අයුක්තියෙන් පාඩු විඳින හා අයුක්තියෙන් පැහැර ගන්නා පිරිස් තවමත් අද සමාජයේ දකිමු. අපි භුක්ති විඳින භූ විද්‍යාව, අජටාකාශය, සමුද්‍ර පතුල, උත්‍තර හා දක්ෂිණ ධ්‍රැව වැනි ස්ථානයන්හී සිදු කරන පර්යේෂණ, ඛණිජ තෙල් හා ලෝහ කර්මාන්ත වැනි නවීනතම සියලු නිපුණත්වය මගින් මිනිසා තුළ තවමත් පැතිර පවතින දරුණු රෝගය වන ද්වේෂය සහ ක්‍රෝධය  මකා දමන්නට අසමත් වී තිබෙන්නේ කුමක් නිසාද?

අපි අදේවවාදීන්ගේ සතුරන් නොවෙමු. අපිද ඔවුන් මෙන් මනුෂ්‍ය වර්ගයට අයත් පිරිසකි. ඔවුන්ගේ තර්කය ඉදිරිපත් කර, සත්‍ය සොයන්නට ඔවුන්ට ආරාධනා කරමු. ආරක්ෂාව හා මිත්‍රත් යේ මාර්ගයට ඔවුන්ට ආරාධනා කරමු. අපේ අරමුණ ඔවුන්ට අවංක උපදේශක ලෙස කටයුතු කිරීම වේ. පහළ කරන ලද ආගම් අනුගමනය කරන  අවංක චින්තකයන් සහ වෙනත් මාර්ග අනුගමනය කරන්නන් අතර සහයෝග දැක්වීමෙන් මෙම සංවාදය සාක්ෂාත් කර ගත හැකි වේ.

සමකාලින දේශපාලකයන් විසින් දෙන ලද ඇරයුම අසාර්ථක බව දැන් සනාථ වී තිබේ. එනිසා නවීන, බුද්ධිමත්, විශ්වාසය තුළින් මෙම ඇරයුම නිකුත් කිරීමට උත්සාහ දරමු. ආගම් තුනේම අනුගාමිකයන් ක්‍රියා කිරීමට සූදානම් විය යුතුය. “කෙනෙක් කැමති වූවත් කැමති නොවුවත් මිනිසා මිනිසාගේ සහෝදරයෙකු වේ” යන්න මුහම්මද් (සල්) තුමාණෝ වදාළහ. “ඔබට ඔබ ආදරය කරන්නාසේ සෙසු මිනිසුන්ට ආදරය දක්වනු” යැයි ජේසුස් වහන්සේ පවසයි.

මුස්ලිම් හා ක්‍රිස්තියානු පූජකයන්ගේ වැරදී බොහෝමයක් සහ ඔවුන්ගේ දේශපාලකයන්ගේ සෘණාත්මක ප්‍රතිචාර තිබෙන නමුත් ඉදිරි අනාගතයේ එක් දිනක ක්‍රිස්තු බැතිමතුන් සහ මුස්ලිම්වරුන් අත්වැල් බැඳගන්නා බවද, අල් කුර්ආනය පිළිබඳ ව අවබෝධයට ගොස්පලය ළඟා විය යුතු බවද මම සුබවාදි ලෙස විශ්වාස කරමි. පෙරදිග දේශයන් හි ඔවුන් සාමයෙන් දීර්ඝ කාලයක් ජිවත්වන්නා අතර, ඉන්ෂා අල්ලාහ් (අල්ලාහ්ගේ අනුමැතියෙන්) අපගේ ජීවත කාලය තුළ ඔවුන් ලොවේ සෑම පළාතකම නැවත වරක් සමීප වනු ඇත. මෙවැනි යුගයක නවක ආධ්‍යාත්මික ගුණයක් ලොවට ගෙන දෙමින් ආදරය, පවුල් සමගිය. සාමය යළි පවතින අතර දෙවියන් වහන්සේගේ ත්‍යාගය හා සතුට මරණයෙන් පසු ලබා ගන්නා බව නිසැකය.

“මුහම්මද් (සල්) තුමාණන්ගේ ආගමේ අධික ලෙස තිබෙන ප්‍රසන්නතාව නිසා මම එම ආගම සැම දා උසස් ලෙස සලකමි. එහෙත් ඇතැම් අනවබෝධය හෝ වෛරය ඇති කරන අන්තගාමින්  විසින් එම දහම ක්‍රිස්තියානු දහමට හා කිතුනුවන්ට එරෙහි වන එකක් බවට පෙන්නුම් කරන ලදී. උතුම් මිනිසෙකු වන මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිත කතාව සම්පූර්ණයෙන්ම කියවා අවසන් කළායින් පසු, එතුමා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිපාක්ෂිකයෙකු යැයි කිසිසේත්ම පැවසිය නොහැකි. ඒ වෙනුවට එතුමාගේ සහෝදර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙන් මුහම්මද් (සල්) තුමාණන්ද මනුෂ්‍ය වර්ගයාගේ ගැලවුම් කරුවෙක් බව මම හඳුනා ගතිමි.”

ප්‍රංශ ජාතික කාව්‍ය කරුවෙකු වන ලේ මාර්ටින් මෙසේ අදහස් දක්විය.

“මුහම්මද් (සල්) තුමාණන් යනු නබිවරයෙකි (වක්තෘ වරයෙකි), උතුම් නායකයෙකි, බුද්ධිමත් ජයග්‍රහකයෙකි සහ නිවහල් ස්වේතනික සිත් හා එකඟ වන ධර්මය ප්‍රචාරය කළ කෙනෙකි.”

“තමා පමණක් වක්තෘ වරයෙකු බව මුහම්මද් (සල්) තුමාණන් හිමිකම් පෑවේ නැත. ඒ වෙනුවට මොසස් සහ ජේසුස් තුමාණන්ලා ද වක්තෘවරුන් බවට එතුමා සනාථ කළහ. යුදෙව් වරුන් සහ ක්‍රිස්තු බැතිමතුන් ඔවුන්ගේ ආගමික විශ්වාසය අතහරින ලෙස බලපෑම් නොකළ යුතු බව එතුමා උපදෙස් කළහ. ක්‍රිස්තු බැතිමතුන් හා යුදෙව් වරුන් කෙරෙහි සහ ඔවුන්ගේ පූජක පිරිස කෙරෙහි ගෞරවය දැක්වීම ඉස්ලාමයේ දක්නට තිබෙන යහකමකි.”

“උතුම් නබිවරයෙකු වන මුහම්මද් (සල්) තුමාණන්ගේ ජිවිත කතාව කියවා මම දීර්ඝ වේලාවක් කඳුළු සැලුවෙමි. මානව සංහතියේ උන්නතිය හැර අන් කිසිවක් නොපැතු මෙවැනි අසමසම පුද්ගලයෙකුට සත්‍ය සොයන මා වැනි කෙනෙක් හිස නමා ආචාර නොකර සිටිය හැකිද?”

ලෝක ආගමික සම්මන්ත්‍රණයේ උපුටා ගත් තීරණය ගැන සඳහන් කරන විට, ඉස්ලාම් යනු දෙවියන් වහන්සේ විසින් පහළ කරන ලද උතුම් ආගමක් බවට ඉතාමත් පැහැදිලි ව වතිකාන් දේවස්ථානය ප්‍රකාශ කළේය. වතිකානයේ මෙම ප්‍රකාශය මිනිස් සමාජයේ ඉදිරි ගමනට අවශ්‍ය වැදගත් පියවරකි.  1977 වසර ස්පාඤ්ඤ දේශයේ කොර්ඩෝවා නුවර පැවැත් වු ලෝක ආගමික සම්මන්ත්‍රණයේ, මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ්ගේ රසූල් වරයෙකු (සංදේක වරයෙකු) බවට ප්‍රකාශ කරන ලදී.

මෙවැනි විශ්වාසය තහවුරු කරන සියලු ප්‍රකාශයන් සහ වෙනත් කරුණු දෙස බලන විට, පහළ කරන ලද ආගම් අතර යහපත්කමද, එකමුතුකමද, ආදර සෙනෙහසද පිරුණු අනාගතයක් උදා වන බව අප තුළ විශාල බලා පොරොත්තුවක් උපදවයි. මෙයට හේතුව මේ ආගම් සියල්ල අබ්‍රහාම් නම් එක් වෘක්ෂයකින් පැතිරී ගිය විවිධ අතු නිසාය. මෙවැනි ලෝක ආගම් අතර සමගිය නම් ඉලක්කයට ළඟා වූ විට මිනිස් සමාජය විනාශය හා  ගරා වැටීමෙන් තොරව, මෙලොවෙහි ආදරයෙන් පිරුණු සාමාකාමි ජීවිතයක් ගෙවන්නෝය.

අන් ආගමික බැතිමතුන් සියලු දෙනාම තමන්ගේ විශ්වාසය දිගටම අනුගමනය කළ හැකි බවද, සියලු ආගම් හි මූලික ඉගැන්වීම් එකක් බවද ඉස්ලාම් පිළිගන්නා බව මම යළිත් වරක් ප්‍රකාශ කරමි. ක්‍රිස්තු බැතිමතුන් වන ඔබට වඩා ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි, මුස්ලිම්වරු වන අපි ආදරය දක්වන බවද, එතුමා පෙන් වූ මාර්ගය ප්‍රිය කරන බවද මම පවසනවාට මට සමාව කරනු. පැරණි හා අලුත් ගිවිසුම කෙරෙහි අල් කුර්ආන් නිත්‍ය ලෙස සෙනෙහස දක්වයි. මේ බව අල් කුර්ආන් ප්‍රකාශ කරන්නේ මෙසේය.

“අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කළ දෑ ද ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා අස්බාත් (හෙවත් ඔවුන් ගේ පරපුර) වෙත පහළ කළ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපති ගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු. තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු.” යැයි (මුස්ලිම්වරුනි!) නුඹලා පවසනු.”

සූරා බකරා 2:136.

මෙලෙස පැහැදිලි කරුණු පෙන්වීමෙන් පසුව, තව්රාතය සහ ගොස්පලය අනුගමනය කරන ජනතාව, කුර්ආනය අනුගමනය කරන්නන්ට සෙනෙහස හා ආදර දක්වන්නේද? “මෝසස් හා ජේසුස් තුමාණන්ලාව මෙලොව හා මතු ලොවෙහි ඉතාමත් සමීප ව අනුගනය කරන්නෙක් වෙමි.” යනුවෙන් මුහම්මද් (සල්) තුමාණන් ප්‍රකාශ කළහ. එනිසා, “මුස්ලිම් මිත්‍රවරුනි! අපි ඔබට සහය දක්වමු. මන්ද, අප සියලු දෙනාගේ දෙවියන් වහන්සේ එක්කෙනෙකි, අපගේ ආගම්හී මූලික උල්පත එකකි.” යනුනේ ක්‍රිස්තු බැතිමතුන් ප්‍රකාශ කරත්වා.

අපගේ අල් කුර්ආනය තුළින් සහ අපගේ නබි (සල්) තුමාණන් ගේ ඉගැන්වීම තුළින් ක්‍රිස්තු බැතිමතුන් ගැන අපි දැන ගත්තෙමු. එමෙන්ම අප ගැන ඔබද දැන ගත යුතුය. අපි ඔබට අතට අත දී ආචාර කළෙමු; වැලඳ ගත්තෙමු; ඔබ ගැන අධ්‍යයනය කළෙමු; ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට, එතුමා ගෙන ආ ගොස්පලය හා එතුමාගේ මෑණියන් වන මර්යම් තුමියට ද ගරු කරමු. ඒ නිසා, අප සමඟ අතට අත දෙනු; අපව වෙලඳ ගනු; අප ගැන අධ්‍යයනය කරනු, මේ ආකාරයෙන් හෝ ඊට වැඩියෙක් අපට පරස්පර ව සැළකිලි දක්වනු.

අපි එකිනෙකාගෙන් දුරස්ථ ව සිටීමට උපමා ව වසර ගණනාවක් නැති වී ගිය සහෝදරයන් දෙදෙනෙක් මෙන්ය. දිනක් නිසරු කාන්තාරයක ඇවිද යන එක් සහෝදරයෙක්, ඈත ස්ථානයක යමක් දැක එය කැලෑ සතෙක් යයි සිතුවේය. එම කැලෑ සතාව දඩයම් කිරීමට ඔහු අදහස් කළ නමුත්, සමීප වූ විට, එය තම නැතිවී ගිය සහෝදරයා බව හඳුනා ගත්තේය. දීර්ඝ කාලයකට පසුව මුණ ගැසුණු ඔවුන් දෙදෙනාම එකිනෙකා වෙලඳ ගෙන සතුටු කඳුළු සැලුවෝය.

“කවුරුන් හෝ තමා ක්‍රිස්තු බැතිමතුන් යනුවෙන් පවසන්නෝද, ඔවුහු විශ්වාස කරන අයට ආදරයෙන් ළංවුවන්  ලෙස ඔබ දකින්නේය. මෙය ඇත්තෙන්ම, ඔවුන් අතර පඬිවරුන්ද සන්‍යාසි වරුන්ද ඔවුන් ගෙන් වූ නිසා සහ ඔවුන් අඩංඟු නොවන නිසාය.”

සූරා මාඉදා 5:82

එනිසා, පෙරදිගට හා බටහිරට අයත් සාමය ප්‍රිය කරන සියලු දෙනාම - දේව ධර්මදරයන්, ආගමික විද්වතුන්, මාධ්‍යයට අයත් ප්‍රභු පිරිස්, නිර්මල දේශපාලක නායකයින්, මිනිස් වර්ගයට ආදරය කරන සෑම කෙනෙක්,  දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස තැබූ බැතිමතුන් යන සියලු දෙනාම මෙවැනි සංවාදයට හා සාකච්ඡාවට පැමිණ එකඟතාව හා සහයෝග දීමේ අරමුණින් රැස් වුහ. මෙම ඇරයුමට සවන් දෙන සියලු දෙනාම එයට කිකරු වීම සඳහා වගකීම් දරති. එසේ නොමැති නම් දෙවියන් වහන්සේ සහ ඔවුන්ගේම හෘද සාක්ෂිය ඔවුන් මත අවලාද නගයි.

අපගේ බලාපොරොත්තු සියල්ල සැබෑ බවට පත්වේවා! එනිසා අපි සියලු දෙනාම ක්‍රියා කිරීමට, කල්පනා කිරිමට, සාකච්ඡා කිරීමට සහ මෙවැනි සාම සම්මන්ත්‍රණ පවත් වන්නට ආරම්භ කරමු. උත්තරීතර අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ ප්‍රකාශ කරයි.

“ක්‍රියා කරනු! අල්ලාහ් ඔබගේ ක්‍රියාවන් බලා සිටියි. ඔහුගේ රසූල් වරයාද විශ්වාස කරන්නෝද (බලා සිටිති).”

9:105

 අපි දෙවියන් වහන්සේගේ මාර්ගය ක්‍රියා කරන හෙයින් දෙවියන් වහන්සේ අපහට සහය දෙන බව නිසැකය. දෙවියන් වහන්සේ වෙනුවෙන් මෙම අරමුණ සැබෑ කිරිමට මහන්සි ගන්නා සියලු දෙනාගේම අරමුණ ජය ලබන්නට දෙවියන් වහන්සේ උදව් කරනු ඇත. ඔබ සියලු දෙනා වෙත දෙවියන් වහන්සේගේ කරුණාව හා ආශිර්වාදය පහළ වේවා. මුහම්මද් නබි (සල්) තුමාණන්ට, එතුමාගේ පවුලේ අයට, හිතවතුන්ට සහ අනුගමනය කරන සියල්ලන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශීර්වාදය හිමිවේවා.

නිමි



  1. අල්ලාහ් යනු දෙවියන් වහන්සේ යන පදයේ අරාබි වචනය වේ. මැද පෙරදිගට අයත් සියලු අරාබි ජාතික ක්‍රිස්තු බැතිමතුන් දෙවියන් වහන්සේ ව අමතන්නේ අල්ලාහ් යනුවෙන්ය.
  2. මුහම්මද් තුමාණන්ගේ නාමය සහන් වන සෑම අවස්ථාවකම සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් (එතුමාට සාමය හිමිවේවා) යනුවෙන් මුස්ලිම්වරයෙක් පැතිය යුතුය.
  3. මුහම්මද (ල්) තුමාණන්ගේ යුගයේ ජීවත් වූ එතුමාගේ සගයින්ගේ නාමය පවසනවිට රළියල්ලාහු අන්හු (අල්ලාහ් ඔහුව පිළිගත්තේය) යනුවෙන් මුස්ලිම්වරු පැවසිය යුතුය.


Choose Your Language