අන්තර්ගතය

content

Content of article


ජාසිම් ඉබ්නු දඉයාන්

දේව විශ්වසවන්තයින් සහ ප්‍රතික්ෂෙප කළවුන්, හිමිකරුවන් සහ වහල් සේවකයින්, කාන්තාවන් සහ කුඩා දරුවන්, ජීවතුන් අතර සිටින්නන් සහ මළවුන් යන සෑම මිනිසෙකුගේම ආත්ම ගෞරවය පිළිබඳව මුහම්මද් නබි (සල්) තුමාණන් දැක්වු විශේෂ සැලකිලි පිළිබඳව කාඃන් යාසිර් මෙහිදී විස්තර කරයි.

යම් දැයක වටිනාකම පිළිබඳව හදවත් තුළ අවබෝධ කර ගැනීම පහසු දැයක් වන නමුත් එය වචනයෙන් ප්‍රකාශ කිරීම හෝ ක්‍රියාවේ නැංවීම අපහසු සහ මදි පුංචිකම් විය හැක. කෙසේ වෙතත් මිනිසාගේ ආත්ම ගෞරවයේ වටිනාකම පිළිබඳව “ලෝක මානව අයිතිවාසිකම් ප්‍රකාශනය (1948)”  Universal Declaration of Human Rights 1948 පවසන්නේ කුමක් දැයි පෙන්වා දීමට කැමැත්තෙමි.

මෙම ප්‍රකාශනයේ පූර්විකාව ආරම්භ කරනු ලබන්නේ “නෛසර්ගික ගෞරවය” පිළිගැනීමෙන්ය. මෙය “ලොවේ ස්වාධීනත්වය, සාධාරණත්වය සහ සාමයේ පදනම” යනුවෙන් සළකනු ලැබේ.

මෙම පූර්විකාව සඳහන් කරන්නේ එක්සත් ජාතින්ගේ ප්‍රජාවගේ විශ්වාසය වන “සෑම පුද්ගලයෙකුගේම වැදගත්කම සහ ගෞරවය” යන විෂය පිළිබඳවයි. “සෑම මිනිසෙක්ම ස්වාධීනත්වය හා එක හා සමානකාරත්වය සහ අයිතිවාසිකම් සහිත ව උපත ලබන්නේය.”  යනුවෙන් පළමු වන ඡේදය පවසයි. මෙහි දී ගරුත්වය සහ අයිතිය එකම අර්ථය දක්වන වචන දෙකක් නොවන බව සැලකිය යුතුය. මානව ගරුත්වය යන සංකල්පය මානව අයිතිය යන සංකල්පයට වඩා ඉතාමත් පුළුල්ය. එනම් මානව ගරුත්වය ලබා ගනු පිණිස මානව අයිතිය මාර්ගයක් සකස් කර දෙන බව කිව හැක. සැබැවින්ම 22 සහ 23වන ඡේදය මගින් ප්‍රකාශ වන්නේ මෙම අදහසය.

ඉස්ලාම් හි මානව ගරුත්වය

ලෝකය දෙස ඉස්ලාම් බලන්නේ තව්හිද් නම් ඒක දෙවත්වය පදනම් කර ගෙනය. අල්ලාහු අක්බර් - අල්ලාහ් අති මහත් උත්තමයාණන්ය - මෙම ප්‍රකාශනය සෑම මුස්ලිම් වරයෙකුම දිනකට පස් වේල නැමදුමෙහි සිය වාරයක් ප්‍රකාශ කරයි. මුස්ලිම්වරුන් වන අපි උතුම් ආත්මභාවයක් සමඟ තිබෙන සම්බන්ධකම, අපගේ සමාජ ප්‍රතිරූපයට රුකුලක් ලෙස දකිමු. මෙහිදී මිනිසුන් මිහිතලයේ අල්ලාහ්ගේ නියෝජිතයින් වන බව අල් කුර්ආන් එක් වාක්‍යයකින් ප්‍රකාශ කර අවසානය.

“තව ද නුඹ ගේ පරමාධිපති මලාඉකාවරුන්හට සැබැවින් ම මම මහපොළොවේ නියෝජිත පරම්පරාවක් පත් කරන්න ට යමි යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු.”

සූරා අල් බකරා : 30.

එ පමණක් නොව මිනිසා ලෙස බිහි කරනු ලැබීමෙන් සියලු මිනිසුන්ම එක හා සමාන බවද එයට හේතුව ඔවුන් සියලු දෙනාම එකම ආරම්භක උල්පතින් අපත ලැබු බවද අල් කුර්ආන් සනාථ කරයි.

“අහෝ මිනිසුනි ! එකම ආත්මයකින් නුඹලා ව මවා එයින් එහි කළත්‍රය ද මවා ඔවුන් දෙදෙනාගෙන් අධික පිරිමින් ද කාන්තාවන් ද මැවූ නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු.”

සූරා අන් නිසා: 1.

මිනිසාගේ මෙම “තක්රීම්” හෙවත් ගෞරවය පහත සදහන් අයුරින් පිරිනමනු ලැබු බව කුර්ආන පැහැදිලි ප්‍රකාශ කරයි.

“තවද, සැබැවින්ම අපි ආදම්ගේ දරුවන් ගෞරවයට පත් කළෙමු. ගොඩබිමේ හා මුහුදේ අපි ඔවුන් ව ඉසිලුවෙමු. තවද පිවිතුරු දැයින් අපි ඔවුනට ජිවන සම්පත් ලබා දුනිමු. තවද අපි මැවු අයට වඩා අධික වශයෙන් ඔහු ව උසස් කළෙමු.”

කුර්ආන් 17:70.

මිනිසාගේ උත්කර්ෂවත් හා ගෞරවනීය තත්ත්වය පිළිබඳ ව මෙම කුර්ආන් වාක්‍යය මගින් අවබෝධ කර ගත හැකි වේ.

“සැබැවින්ම, අපි අමානතය (වගකීම) අහස් කෙරෙහි ද මිහිතලය කෙරෙහි ද කඳු කෙරෙහි ද (එය උසුලන ලෙස) ගෙන හැර පෑවෙමු. එවිට එය ඉසිලීමෙන් ඒවා වැළකුණෝය. තවද එයින් (එය ඉසිලීමෙන්) ඒවා බියට පත් විය. (නමුත්) මිනිසා එය ඉසිලීය. සැබැවින්ම ඔහු (තමාට ම) අපරාධ කරන්නෙකු ද (ඒ පිළිබඳ ව) අඥානයෙකු ද විය.” සූරා අල් අහ්සාබ් : 72.

කෙටියෙන් පවසන්නේ නම්,  අල්ලාහ්ගේ නියෝජිත වශයෙන් මිනිස් වර්ගයාට පිරිනමන ලද බලය සහිත ව ආදම් මිහිතලයට එවනු ලැබු බවද, ඔහු වෙත අල්ලාහ්ගේ දැනුම පමුණුවන ලද බවද, මලාඉකාවරුන් ආදම්ට හිස නමා ආචාර කිරීම, අහස්, පොළොව කඳු වැටි සියල්ල මතෙ හි මිනිසාගේ උසස් භාවයද, විශ්වාසවන්ත සහ වගකීම දරන්නෙකු ලෙස මිනිසා එවනු ලැබු බවද මෙහි ප්‍රකාශ කෙරේ. උත්තරීතර අල්ලාහ් විසින් සියලු මිනිසුන් වෙත උසස් ආත්ම ගෞරවය පිරිනමනු ලැබු බව ඉන්ග්‍රිඩ් මැට්සන් මෙනවිය නම් පඬිවරිය මෙසේ අවධාරණය කළාය.

අබු ජහල් ඉස්ලාමයේ දුෂ්ට සතුරෙකු බවට කිසිදු තර්කයක් නැත. ඔහුගේ පුත් ඉක්රිමා ද මක්කාව මුස්ලිම්වරු ජයගන්නා තුරු තම පියාගේ අඩි පාර ඔස්සේ ගමන් කළේය. මක්කාව පරාජයට පත් වූ විට ඉක්රිමාද ප්‍රාණ බියේ යෙමන් දේශයට පලා ගියේය. මක්කාවේ සිටින දේව විශ්වාස නොමැති අයට පවා නබි (සල්) තුමාණන් පොදු සමාව දී ඔවුන්ට කරුණා ව දැක් වු විට, ඉක්රිමාගේ බිරිඳ නබි (සල්) තුමා වෙතට පැමිණ ඉක්රිමා සඳහා සමාව ලබා ගත්තාය. මුස්ලිම් බවට පත්වූ එම කාන්තාව ඉක්රිමා වෙතට ගොස් මුස්ලිම් බවට පත් වන ලෙසද, මක්කාවට ආපසු හැරී එන ලෙස ද ඒත්තු ගැන්වුවාය. ඉක්රිමා ද එය පිළිගත්තේය. ඔහු ගෝත්‍ර නායකයකු වන අතර, නායකයෙකුගේ පුත්‍රයෙකි. ඉක්රිමා ඔහුගේ පියා පිළිබඳ ව අයහපත් දේ සවන් දුන්නේ නම් දුකට පත් වන බව සිතු නබි (සල්) තුමාණන් තම සහාබාවරුන් කැඳවා, “ඉක්රිමා ඉබ්නු ජහල් දේව විශ්වාස වන්තයෙකු සහ මුහාජිර් වරයෙකු ලෙස ඔබ වෙතට පැමිණෙනු ඇත. ඔහුගේ පියාට කිසිදු ආකාරයෙන් අයහපතක් නොපවසනු. මළවුන්ට නින්දා කිරීම ජීවතුන් අතර සිටිනා අයට සිත්තැවිල්ල සිදු කරන අතර, මළවුන්ට ඒවා කිසිවක් ඇසෙන්නේ නැත.” යැයි උපදෙස් දුන්හ.

කෙටියෙන් පවසන්නේ නම්, ඉස්ලාම් හි ගරුත්වය යනු මුස්ලිම්වරුන්ට පමණක් හිමි වරප්‍රසාදයක් නොවන අතර, සෑම මිනිසෙකුටම එය ලබා දෙන්නට ඉස්ලාම් කටයුතු කරන බව මතකයේ තබා ගත යුතුය. “මිනිසුන් සියල්ල අල්ලාහ්ගේ මැවීම් වන අතර, ඔහුගේ මැවීමටට කරුණාව දක්වන්නන් අල්ලාහ්ට ඉතාමත් සමිපතම අය වේ.” යැයි නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍ර සහිහ් මුස්ලිම්. ගරුත්වය යනු ජිවතුන් අතර සිටින අයට පමණක් හිමි වරප්‍රසාදයක් නොව, අභාවයට පත් වූ අයට ද එය හිමි විය යුතුය. (යුදෙව් ජාතිකයෙකුගේ අවමංගල්‍ය ගමනට නබි (සල්) තුමාණන් ගෞරව දැක්වීමෙන් මෙය පැහැදිලි වේ.

එමෙන්ම ගරුත්වය යනු පිරිමින්ට පමණක් සීමා වූ කරුණක් නොව කාන්තාවන්ටද අදාළ වන බව නබි (සල්) තුමාණන් සඳහන් කළේ මේ ආකාරයෙන්ය. “තම බිරියට යහපත් සැලකිලි දක්වන තැනැත්තා, ඔබ අතරින් උතුම් කෙනෙක් වෙයි.” මූලාශ්‍ර තිර්මිදි. එතුමාණන් තම බිරියන්ට, දියණියන්ට, තමා හදා වඩා ගත් මවට සහ එමගින් ලැබු සොයුරියන්ට දැක් වු සැලකිලි දෙස බලන විට එතුමාණන් දේශනා කළ දේ ඒ ආකාරයෙන්ම ජිවිතයේ අනුගමනය කළ බවද ඒ මගින් ප්‍රායෝගික ආදර්ශයක් ගෙන දුන් බවද සනාථ වේ.

ගරුත්වය යනු වැඩි මහල් අයට පමණක් අයත් වරප්‍රසාදයක් නොව දරුවන්ටද ඒ සඳහා අයිතියක් තිබේ. නබි (සල්) තුමාණන් කිසි අවස්ථාවක කුඩා දරුවන්ට බැන වැදුණේ නැති අතර, ඔවුන්ට ආදර සෙනෙහස දැක් වූ බව අපි මතකයේ තබා ගත යුතුය. කුඩා දරුවන් පසු කර ගෙන යන විට ඔවුන්ට මුලින්ම සලාම් කීමට නබි (සල්) තුමාණෝ අමතක කළේ නැත. තම සහාබාවරුන්ටද ඒ අයුරින් කටයුතු කරන ලෙස එතුමාණන් උපදෙස් දුන්හ.

ගරුත්වය යනු ප්‍රධානියෙකුට සහ ස්වාධීන මිනිසෙකුට පමණක් සීමා වූ වරප්‍රසාදයක් නොවන අතර, දුගී, අසරණ අයට සහ වහල් සේවකයන්ටද ඒ සඳහා හිමිකමක් ඇති බව නබි (සල්) තුමාණන් වදාළහ. “ඔබගෙන් කෙනෙකුගේ වහල් සේවකයෙක් හෝ (සේවිකාවක්) ගින්නට හා දුමට සමීප ව (අපහසුතාවෙන්) වාඩි වී ආහාර පිළියෙල කළායින් පසු, එය බුදින්නට ඔබ වාඩි වන විට, එම සේවකයාටද ආහාර සඳහා වාඩි වන ලෙස ආරාධනා කළ යුතුය. ආහාර ප්‍රමාණය සීමිත බව දැනුනේ නම්, තම ආහාර කොටසෙන් සේවකයාට (ස්වල්පයක්) පරිත්‍යාග කළ යුතුය.” මූලාශ්‍ර මුස්ලිම්. නබි (සල්) තුමාණන්ගෙන් මේ ආකාරයෙන් සැලිකිලි ලැබු වහල් සේවකයෝ, තම ඥාතීන්ගේ නිවෙස් වලට නොගොස් ස්වාමියා වන නබි (සල්) තුමාණන් සමඟ රැඳී සිටීමට වැඩි කැමැත්ත දැක් වූ බව අපට අමතක කළ හැකි ද?

මෙවැනි සිදුවීම් හා නිදසුන් විශාල වශයෙන් ඉදිරිපත් කළ හැකි අතර, ඒවා පවසා නිම කළ නොහැක. එනිසා‍ මෙම මාතෘකාව සම්බන්ධව එක් විශේෂ කරුණක් පිළිබඳ ව සඳහන් කරමු. එනම් රෝගී බවට පත් වීමේ මානව ගරුත්වය.

ඉන්ග්‍රිඩ් මැටිසන් මහත්මිය මෙසේ සඳහන් කරයි. “අසනීප තත්ත්වයේ සිටින කෙනෙක් පවා අල්ලාහ් ව දිගින් දිගට සිහිපත් කිරීම සහ නැමදුම් කිරීම අනිවාර්‍යය බව ඉස්ලාමීය නීතිය පවසන්නේ රෝගීන්ගේ ආත්ම ගරුත්වයට  සැලකිලි දක්වන හේතුවෙනි.” එනම්, “කෙනෙක් අසනීපය නිසා එක්තැන් ව සිටියද, ඔහු සිහිසුන් ව සිටින්නේ නම් ඔහු පස් වේල නැමදුම් ක්‍රියාව අනිවාර්‍යයෙන් ඉටු කළ යුතුය. මුස්ලිම් වරයෙක් සිට ගැනිමට නොහැකි තරමට දුබල වුයේ නම්, ඔහු වාඩි වූ ඉරියව්වේ සිට නැමදුම් කළ යුතුය. මුස්ලිම් වරයෙක් වාඩි වීමට පවා නොහැකි තරමට දුර්වල වුයේ නම් ඔහු හාන්සි වී නැමුදුම් කළ යුතුය. කිසිදු ශාරීරික චලනයක් කළ නොහැකි අංශභාගයට ලක් වූ කෙනෙක් වූව ද, ඔහු හෝ ඇය තමා නැමදුම් කරන බව සිතා තම දෑස් චලනය මගින් නියමිත දිසාවට නියමිත වෙලාවට යොමු කරමින්, තම අනිවාර්‍යය නැමදුම් කටයුතු ඉටු කළ යුතුය.”

මෙහි හරය වන්නේ අසනිප වූ රෝගීන් පවා සමාජයේ වැදගැම්මකට නොමැති කෙනෙක් බවට පත් වීමට ඉස්ලාම් අනුමත නොදීමය. එවැනි ජනතාව පවා අත්‍යවශ්‍යයෙන්ම කාර්යක්ෂම - සමාජයට අවශ්‍ය - කෙනෙකු බව ඉස්ලාම් සැලකිලි දක්වන බව මෙයින් දැක ගත හැකි වේ. මෙයට වඩා සදාචාර අභිවෘදිය හා මානව ගරුත්වය නඟා සිටවන තවත් කරුණක් තිබේද?

- See more at: http://radianceweekly.in/porta...

අදහස්