අන්තර්ගතය

content

Content of article

රමදාන් මාසයේ පැහැර හරිනු ලබන සුන්නාහ්

කර්තෘ

ෂෙය්ක් මුහම්මද් නාසිරුද්දීන් අල් අල්බානී (රහි)

සිල්සිලාතුල් හුදා වන් නූර් පටි අංක 590 න් උපුටා ගන්නා ලදී

සිංහල බසින්

ජාසිම් ඉබ්නු දඉයාන්

ප්‍රශ්නය: ගෞරවනීය අෂ් ෂෙය්ක් තුමනී! මෙම අවස්ථාවේ. ආශීර්වාද ලැබු රමදාන් මාසය පිළිබඳ අපට යහපත් වචන කිහිපයක් පැවසිය හැකි ද?

ෂෙය්ක් අල් අල්බානි (රහි) තුමා මෙසේ පිළිතුරු දුන්නේය.

උත්තරිතර: අල්ලාහ් ඔහුගේ ග්‍රන්ථය වන අල් කුර්ආනයේ මෙසේ ප්‍රකාශ කරයි.

අහෝ විශ්වාස කළවුනි! නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි අනිවාර්යය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය අනිවාර්යය කරනු ලැබීය.

(සූරා බකරා :183

ඒ නිසා මෙම වාක්‍ය මගින්, සියලු කීර්ති හා බලය හිමි අල්ලාහ්, එහි පැමිණි සිටි මුහම්මද් (සල්) තුමාණන්ගෙන් කිසිවෙකුට ගැටලුවක් විය

නොහැකි අයුරින්, ඔවුන්ට පෙර වූ ජනතාවන් කෙරෙහි අනිවාර්යය කළ අයුරින් ඔවුන්ටද අනිවාර්යය කරනු ලැබු බව පැහැදිලි ව ප්‍රකා

ශ කළහ. මෙම වාක්‍යය පාරායනා කරන මුස්ලිම්වරුන් සියලු දෙනාම මෙහි අර්ථය පහදා ගනු ඇත. එහෙත් මම මෙහිදී පවසන්නට තිබෙන, මුස්ලිම්වරු බොහෝ දෙනෙක් සැලකිල්ලට නොගන්නා තවත් වැදගත් කරුණක් පිළිබඳ ව පහදා දීමට අපේක්ෂා කරමි. මෙම වාක්‍යයෙහි අවසාන කොටසෙහි අල්ලාහ් සඳහන් කරන වදන් දෙස බලමු.

(මෙමගින්) “නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස.“

මේ නිසා, අල්ලාහ් සුබ්හානහු වතආලා, තමා විශ්වාස කරන තම ගැත්තන්ට අණ කරන විට හෝ නීති පනවන විට, අණ පමණක් සඳහන් කරන නමුත්. එහි තිබෙන ප්‍රඥාව පිළිබඳ ව කිසිවක් පහදා නොදෙයි. අල්ලාහ් තම ගැත්තන් මත වගකීම පවරන විට, ඒවා මගින් ඔහු ජනතාව පරීක්ෂණයට පත් කරමින්, එම අණ අනුගමනය කරන්නන් කවුරුන්ද, ඒවා අනුගමන නොකරන්නන් කවුරුන්දැ යි පැහැදිලි වීම ඔහුගේ පොදු ප්‍රඥාව වේ.

කෙසේ වෙතත්, අල් කුර්ආනයේ නිතර දක්නට නොතිබෙන යමක් මෙම වාක්‍ය යෙහි අල්ලාහ් පවසයි. මෙහිදී උපවාසයේ යෙදීම සඳහා හේතුව කුමක් දැ යි අල්ලාහ් පවසයි. එනම්,

(මෙමගින්) “නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස.“

උපවාසය යනු ආහාර පානයෙන් හා වෙනත් දේ වලින් වැළකී සිටිම අනිවාර්යයක් වන නමුත්, මෙහි අරමුණ සහ අදහස, දේව විශ්වාසීන් උපවාසයේ යෙදීමට පදනම වන ප්‍රඥාව මෙම මාසයේ අනුමත කරන ලද සහ සතුට ගෙන දෙන දේ භුක්ති විඳීමෙන් වැළකී සිටීම පමණක් නොවේ. කෙසේ වෙතත්. මෙම වාක්‍යයේ අවසාන කොටසේ, ඔබ බිය බැතිමත් බවට පත්වනු පිණිසය.“ යනුවෙන් පවසයි.

(මෙමගින්) “නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස.“

එනම්, උපවාසය අනිවාර්යය කිරීමේ ප්‍රඥාව, උත්තරීතර අල්ලාහ් වෙත අවනත වීමේ ක්‍රියාව වර්ධනය කිරීම සහ එයට පෙර වූ මාසයන්ට වඩා උපවාස මාසයේ අවනතභාවය තවත් අධික කරනු පිණිස මිනිසාට උපවාසය නියම කරන ලද බවය. මේ සම්බන්ධ ව මුහම්මද් නබි (සල්) තුමාණන් දේව ප්‍රඥාව පිළිබද ව පැහැදිලි කළ බව හදීස් වදන් ඇත. “කවරෙකු හෝ ඔහුගේ අසත්‍ය වදනෙන් හා ක්‍රියාවන්ගෙන් වැළකී නොසිටියේ ද, ඔහුගේ ආහාර හා පානයන්ගෙන් වැළකී සිටීමේ උපවාසයෙන් අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවක් නොමැත.“ මූලාශ්‍ර සහීහ් බුහාරි 1903. එනම් නියමිත කාල වේලාව තුළයේ දී ආහාර පානයෙන් වැළකී සිටින මෙම අනිවාර්යය උපවාසයෙන් අල්ලාහ් කිසිවක් අපේක්ෂා නොකරන බවද, ඒ වෙනුවට පාප ක්‍රියාවන් ලෙසද කීකරු නොවන ක්‍රියාවන් ලෙසද හඳුන්වා දෙමින් අල්ලාහ් තහනම් කළ අසත්‍ය වදනින් හා අසත්‍ය ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම අල්ලාහ් අපේක්ෂා කරන බව මෙහි සැබෑ අදහස වේ.   

මේ හේතුවෙන් අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් මෙම වදන තවත් තහවුරු කර පවසයි.

(මෙමගින්) “නුඹලා බැතිමත් විය හැකි වනු පිණිසය.“

 එනම්, නුඹලා ආහාර පානාදියෙන් වැළකී සිටීමට අමතර ව, අල්ලාහ් සුබ්හානහූ වතආලා වෙත සමීප වීමේ අරමුණින්, මිනිසුන්ට හානි සිදුකිරීමේ ක්‍රියාවන් වන කේළාම් කීම, ඕපාදූප කීම, බොරු සාක්ෂි දීම, අසත්‍යය පැවසීම වැනි, සැවෝම හොඳ හැටි දන්නා අයහපත් ක්‍රියාවන්ගෙන් වැළකී සිටිය යුතුය.

මේ හේතුවෙන් උපවාසය අවලංගු කිරීම සඳහා ආහාර පාන ගැනීම, ලිංගික ආශ්‍රය වැනි ක්‍රියාවන්ට පමණක් සීමා නොවන බව දැන සිටීම සියලු මුස්ලිම්වරුන්ගේ වගකීම වේ. උපවාසය යනු ඔබ මේවායින් වැළකී සිටීම පමණක් නොවේ. මේ හේතුවෙන් ඇතැම් ආගමික විද්වතුන් උපවාසය අවලංගු කරන ක්‍රියාවන් වර්ග දෙකට අයත් බව අදහස් දක්වන අතර, මෙම භාග්‍යය ලත් මොහොතේ ඒවා පිළිබඳ ව පහදා දෙන්නට අදහස් කරමි, ඉන්ෂා අල්ලාහ්.

මෙය විශේෂයෙන් වැදගත් මාතෘකාවක් වන්නේ, මෙදිනයන්හි කුත්බා දේශනා කරන ආලිම්වරුන් උපවාසය අවලංගු කරන බවට අපි ඉහත සදහන් ආහාර පාන හා ලිංගික ආශ්‍රය වැනි කායික ‍ක්‍රියාවන් ගැන පමණක් සදහන් කරති. එහෙත් අවංක උපදේශකවරුන් සහ යහමඟට කැඳවන්නන් වශයෙන් ඔවුන් අවධානය යොමු කළ යුත්තේ, උපවාසය විනාහ කරන මෙම දෙවැනි වර්ගයට අයත් කරුණු සම්බන්ධයෙන්ය. මෙයට ප්‍රධාන හේතුව පළමුවන වර්ගයට අයත් ආහාර පාන හා ලිංගික ආශ්‍රය වැනි ලෞකික ක්‍රියාවන් පමණක් උපවාසය විනාශ කරන බව පොදු ජනතාව සහ ආලිම්වරු තම දැනුමට සිමා පනවා ගැනීමයි. එනමුත් උපවාසය අවංගු කරන ලෞකික

නොවන කරුණු කිහිපයක් තිබෙන බවද අපි සියලු දෙනාම මතකයේ තබා ගත යුතුය.

 “කවරෙකු හෝ ඔහුගේ අසත්‍යය වදනෙන් හා ක්‍රියාවන්ගෙන් වැළකී නොසිටියේ ද, ඔහුගේ ආහාර හා පානයන්ගෙන් වැළකී සිටීමේ උපවාසයෙන් අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවක් නොමැත.“යන හදීස් වදනට අපි සවන් දුන්නෙමු.

මේ නිසා, සෑම උපවාසිකයෙකුම තමන් ගැනම පරීක්ෂණ කර ගත යුතුය. තමා කායික කාර්යයන්ගෙන් පමණක් වැළකී උපවාසයේ යෙදෙන්නේද, නැතහොත් තමා කායික නොවන කාර්යයන්ගෙන්ද වැළකී උපවාසයේ යෙදෙන්නේද යැයි ඔහු ප්‍රශ්න කර ගත යුතුය. එනම් ආශීර්වාද ලත් රමදාන් මාසයේ ඔහු තම සියලු හැසිරීම් සහ විලාසයන් යහපත් අතට වෙනස් කර ගත්තේද? ඔහු එලෙස කළේ නම්, උත්තරීතර අල්ලාහ් පවසන ආකාරයට ඔහු තම අරමුණ ඉටු කර ගත්තේය.

(මෙමගින්) “නුඹලා බැතිමත් විය හැකි වනු පිණිසය.“

එහෙත්, තම උපවාසය ආහාර පානය සහ ලිංගික ආශ්‍රයෙන් වැළකී සිටීමට පමණක් සීමා කර ගෙන, රමදාන් මාසයට පෙර සිදුකළ ආකාරයෙන්ම තම ක්‍රියා කලාපය දිගටම ගෙන ගියේද, එම තැනැත්තා මෙම ශක්තිමත් පරමාධිපතිගේ දේව නියෝගයෙන් පනවන ලද උපවාසය අපේක්ෂා කළ ප්‍රඥාව, ඔහුගෙන්  බලාපොරොත්තු වු හැසිරීම කිසිවක් ඉටු නොකළ බව පැහැදිලිය.

(මෙමගින්) “නුඹලා බැතිමත් විය හැකි වනු පිණිසය.“

එබැවින්, උපවාසය අවලංගු කරන ලෞකික නොවන අනිකුත් දේ පිළිබඳ ව මතකයේ තබා ගත යුතු බවද අපගේ මුස්ලිම් සහෝදරවරුන්ට මතක් කළ යුතු ව තිබේ.  අවාසනාවකට සමාජයට අවවාද කරන සහ යහ මඟ වෙතට ආරාධනා කරන පිරිස මේවා ගැන කථා කරන්නේ ඉතාමත් සුළු වශයෙනි. මේ හේතුවෙන් සාමාන්‍ය පොදු ජනතාව මෙවැනි උපවාසය අවලංගු කරන ලෞකික නොවන කරුණු කිසිවක් පිළිබඳ ව අනවබෝධයෙන් සිටිති.

මෙම අලංකාරවත් සභාවට පැමිණ සිටින සහෝදරවරුන්ට මතක් කිරීමට මට අවශ්‍ය වන්නේ මේ කායික නොවන කරුණු පිළිබඳවයි. ඉන්ෂා අල්ලාහ්, මෙම අනුශාසනය මගින් ඔබ සියලු දෙනාම උපවාසය විනාශ කරන කායික නොවන කරුණු පිළිබඳ ව අවබෝධය ලැබ ඒ මාර්ගයෙන් මෙම භාග්‍යවන්ත මාසයේ උත්තරීතර අල්ලාහ්ට සමීප වීම සඳහා කටයුතු කරන බවද, අති කාරුණික අල්ලාහ් මෙම වෑයමේ අපට සාර්ථක ව සහය දී ලෞකික හා ලෞකික නොවන සියලු ක්‍රියාවන්ගෙන් ඉවත් වීමට ඉන්ෂා අල්ලාහ් පහසු කරනු ඇත.

මෙයට අමතරව, මුස්ලිම්වරු බහුතර දෙනෙක් සහ දැනුම සහිත බොහෝ උගත් පිරිස නොසලකා හරින කරුණු කිහිපයක් පිළිබඳ ව ඔබ සැමගේ අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

මෙහිදී ඔබ සැම නොසලකා හරින තවත් වැදගත් හදිස් වදනක් පිළිබඳ ව ඔබ සැමගේ අවධානය යොමු කිරිමට මම කැමැත්තෙමි. මෙසේ මෙය නොසලකා නොහැරීමට ප්‍රධාන හේතුව, මෙම විෂය සම්බන්ධ ව තිබෙන තවත් හදීසයක් සමඟ සසඳන්නට බොහෝ දෙනෙක් අපොහොසත් වීමේ හේතුවෙනි. මෙම හදීස් වදන මෙය වේ. “මගේ සමාජය උපවාසය අවසාන කිරීමට හදිසි වීමටද, අලුයම ආහාර ගැනීමට ප්‍රමාද කිරිමටද හැකි වන තුරු මගේ සමාජය යහ මාර්ගයේ දිගටම නිරත වී සිටින්නේය.“ යනුවෙන් රසූල් (සල් ) තුමාණන් වදාළහ.

මෙහිදී කරුණු දෙකක් පිළිබඳ ව හදීස් වදන් සඳහන් කරන නමුත්, ඒවා දෙකම බොහෝ දෙනා සැලකිල්ලට නොගනිති. ඒ කරුණු දෙක වන්නේ උපවාසය අවසන් කිරිමට හදිසි වීම සහ අලුයම (සුහූර්) ආහාර ගැනීමට ප්‍රමාද කිරීම යන්නයි.

මෙහිදී පළමුවන කරුණු වන උපවාසය අවසන් කිරීම ඉක්මන් කරන ලෙස දෙන උපදෙස පිළිබඳ ව එය තවත් හදිසයකට පටහැණි බව ඇතැම් පිරිස පවසනු අසා ඇත්තෙමු. එම හදිසය “මගේ උම්මා ව මග්රිබ් නැමදුම ඉටු කිරීමට ඉක්මන් කරන තුරු ඔවුන් යහ මාර්ගයේ දිගටම සිටිති.“  යනුවෙන් පවසයි.

මෙහිදී කරුණු දෙකක් ඉටු කිරිමට ඉක්මන් කරන ලෙස අණ  කරන වැදගත් හදීස් වදන් දෙකක් තිබෙන බව අපි දකිමු. මේ පසුබිමෙහි ක්‍රියාවන් දෙකක් එක වරම ඉක්මන් කළ නොහැකි බව ඇතැම්හු පවසති.

          එහෙත් මෙම ක්‍රියා දෙක අතර සමතයක් කළ හැකි බවද, උපවාසය අවසන් කිරීම ඉක්මන් කිරීම සහ මග්රිබ් සලාහ් ඉටු කිරීම ඉක්මන් කිරීම යන ක්‍රියා දෙකම පහසුවෙන් කළ හැකි බවද පෙනේ. මෙලෙස ඉටු කළ නබි (සල්) තුමාණන් පැහැදිලි ආදර්ශයක් පෙන් වූ බව අපි දැන ගත යුතුය. නබි (සල්) තුමාණන් ඉඳි ගෙඩි තුනකින් තම උපවාසය අවසන් කළහ. අනතුරු ව මග්රිබ් සලාතය ඉටු කළහ. ඉන් පසුව තවත් ආහාර අනුභව කිරීමට අවශ්‍ය නම්, ආහාර තිබේ නම් නැවත වරක් ආහාර ගත්හ.

එහෙත්, වාර්තමානයේ අපි දෙවර්ගයටම අයත් වැරදි සිදුකරමු.

  • පළමු ව මග්රිබ් අදාන් පැවසීම නියමිත වේලාවෙන් ප්‍රමාද කරනු ලබයි. කිහිප දෙනෙකු පමණක් අදාන් පැවසු විගස මස්ජිදයේ  මග්රිබ් සලාතය ඉටු කිරීමට මහත් ඕනැකමක් දක්වති. මෙම ප්‍රමාදයෙන් පසුව තවත් වරදක් සිදු කෙරේ, එනම් අදාන් පවසා අවසන් කරන තුරු බලා සිට ඉන් පසුව සියලු දෙනාම ආහාර
  • සඳහා වාඩි වෙති.         ඔවුන් මෙහි දී කරන්නේ උපවාසය අවසන් කිරිම පමණක් නොව රාත්‍රි භෝජනය සඳහා රැස් වන ආකාරයෙන්ය.

ඇතැම් මැද පෙරදිග දේශයන් හි මග්රිබ් සලාතය අදාන් පවසන්නේ නියමිත වේලාවෙන් පසුවය. මෙයට හේතුව ඉස්ලාමීය නිති රීති අත හැර දමා තාරකා ශාස්ත්‍ර දින දර්ශනයට එකඟ ව ක්‍රියා කරති. අපද ක්‍රියා කරන්නේ එවැනි  කාල සටහනට එකඟවය.

අවාසනාවකට, මෙවැනි කාල සටහන මේ පෘථිවිය සලකන්නේ පැතලි තලයක් ලෙසයි. සැබැවින්ම මේ පොළොව, විශේෂයෙන්  අපගේ දේශයේ පොළොව පැතලි එකක් නොවේ. එහි පහත් බිම් හී මීටියාවත් ද, උස් කඳු ද පිහිටා තිබේ. මේ හේතුවෙන් මුහුදු වෙරළ, මිටියාවත සහ කඳු පෙදෙස වැනි විවිධ ස්ථානයන්ට එක වේලාවක හිරු බසින බව කීම වරදකි. සෑම තැනකටම හිරු බසින වේලාවක් ඇත. නගරයක හෝ පිටිසර ගම්මානයක තම දෑසින් හිරු බසිනු දකින කෙනෙකුට, එය කුමන මොහොතක හේ වේවා, එයයි ඔහුට හිරු බසින වේලාව වන අතර ඔහු උපවාසය අවසන් කිරීමට ඉක්මන් කළ යුතුය. “මගේ සමාජය උපවාසය අවසාන කිරීමට හදිසි වන තුරු මගේ සමාජය යහ මාර්ගයේ දිගටම නිරත වී සිටින්නේය.“ යැයි පැවසු නබි (සල්) තුමාණන් ශරීආ ව උගන්වන්නට සහ එය ක්‍රියාවේ යොදන්නට ප්‍රවේශම් වූහ.

නබි (සල්) තුමාණන්ගේ තවත් හදීස් වදනක් දෙස බලමු. “රාත්‍රිය මේ දිසාවෙන් පැමිණෙන විට, (එතුමාණන් නැගෙන හිර දෙසට අත දිගු කළහ) දවස මේ දිසාවෙන් බැහැර යන විට (එතුමාණන් බටහිර දෙසට අත දිගු කළහ) හිරු බැස ගිය විට, උපවාසයේ යෙදෙන්නෙකුගේ උපවාසය බිඳුනේය.“ මූලාශ්‍ර සහීහ් අල් බුහාරි අංක 1954.

“උපවාසයේ යෙදෙන්නෙකුගේ උපවාසය බිඳුනේය.“ යන වාක්‍යයෙහි අර්ථය කුමක්ද? ඔහු උපවාසය පිළිබඳ නීතියට එකඟ

ව උපවාසය අවසන් කළ යුතුය යන්න අර්ථය වේ. මෙහිදී රසූල් (සල්) තුමාණන් කලින් සඳහන් කළ “උපවාසය අවසන් කිරීමට ඉක්මන් වන්න“ යන හදීසය මෙහි අදාළ වන අතර, රසූල් (සල්) තුමාණන් ගමනක යෙදුනු අවස්ථාවක පවා මෙම නිගමනයට එකඟ ව ක්‍රියා කළහ.

දිනක් තම සහාබාවරයෙකුට ඉෆ්තාර් හෙවත් උපවාසය අවසන් කිරීම සඳහා ආහාර සූදානම් කරන ලෙස නබි (සල්) තුමාණන් පැවසුහ. එවිට එම සහාබිවරයා, “අල්ලාහ්ගේ රසූල් (සල්) තුමනී! අප ඉදිරියේ තවමත් දහවල්  කාලය ඉතිරි වී තිබේ.“ යැයි කීවේය. එනම්, ඉර බැස ගිය පසුවද බටහිර දිසාවෙහි හිරු එළිය තවමත් තිබෙන බව ඔහු කීය. මෙයට පිළිතුරු නුදුන් රසූල් (සල්) තුමාණන්, ඔහුට ඉෆ්තාර් සඳහා ආහාර සූදානම් කරන ලෙස යළි තර කොට කීහ. හිරු එළිය තවමත් තිබෙන බව පිළිතුරු දුන් සහාබාවරයා, “අපි උපවාසය අවසන් කරන විට, දවසේ එළිය, හිරු එළිය තවම අහසේ තිබුණි. කෙනෙක් ඔටුවා මත නැග ගතහොත් ඔහුට සූර්යයා ව දැක ගත හැක.“ යැයි වාර්තා කළේය. මූලාශ්‍ර සහීහ් බුහ්රි 1955. රසූල් (සල්, තුමාණන් මෙලෙස ඉක්මන් කිරීමට හේතුව කුමක්ද? “මගේ සමාජය උපවාසය අවසාන කිරීමට හදිසි වන තුරු මගේ සමාජය යහ මාර්ගයේ දිගටම නිරත වී සිටින්නේය.“ යන එකම හේතුව නිසාය.

     මෙහිදී අපි දකින වැදගත් කරුණක් නම්, ඉක්මන් කළ යුතු යැයි සඳහන් වන ඉඳි ගෙඩි කිහිපයකින් උපවාසය අවසන් කර, මග්රිබ් නැමදුම වහාම ඉටු කර කර, ඉන් අනතුරු ව අවශ්‍ය ආහාර සදහා වාඩි විය හැක යන්නය.

      ඔබ සැමට මතක් කිරිමට අවශ්‍ය වූ ප්‍රථම කරුණු වන්නේ හදීස් වදන් දෙකේම සඳහන් කරුණු දෙක සමථය කිරීම කෙසේද යන්න මේවාය. පළමුවන හදිසය උපවාසය අවසන් කිරීම ඉක්මන් කරන

ලෙස පවසන අතර, දෙවන හදීසය මග්රිබ් නැමදුම ඉක්මන් කරන ලෙස පවසයි. මේ හේතුවෙන් ඉෆ්තාර් නම් උපවාසය අවසන් කිරීම සුන්නාහ්වට එකඟ ව ඉඳි ගෙඩි කිහිපයකින් හෝ ඒවා නොතිබුණේ නම් ජලය උගුරු කිහිපයක් පානය කිරීමෙන් අවසන් කළ යුතුය. මග්රිබ් සලාතය මස්ජිදයේ සමූහයක් වශයෙන් ඉටු කළ යුතුය.

මෙහිදී අදාළ දෙවන කොටස වන්නේ, හදීසයේ සඳහන් ඉතිරි කොටස වන “ඔවුන් අලුයම ආහාර ගැනීමට ප්‍රමාද කිරිම.“ යන වදනය. මෙය ඉෆ්තාර් ක්‍රියාවට විරුද්ධ ක්‍රියාව වන බව සලකන්න. එනම් සුහූර් ආහාර හැකි තරම් ප්‍රමාද කළ යුතුය. නමුත් අද සමාජයේ සිදුවන්නේ එයට හාත්පසින් විරුද්ධ ක්‍රියාවකි. බොහෝ දෙනෙක් ෆජ්ර් වේලාවට පැයකට පමණ පෙර සුහූර් ආහාර අවසන් කරති. මෙය වරදකි. නබි (සල්) තුමාණන් ගේ සුන්නාහ්වට හා හදිසයට පටහැනි බව සලකන්න. ඇතැම් අවස්ථාවන්හි සහාබවරු අදාන් හඬ ඇසෙන්නට ආසන්න ව, තමා ප්‍රමාද කළ සුහූර් ආහාර අනුභව කිරීමේ නිරතව සිටියි.

ඉස්ලාම් පහසු කරන කරුණු පිළිබඳ ව නබි (සල්) තුමාණන් පැවසු හදිස් ඇත. මෙය ඉස්ලාමයේ ප්‍රතිපත්තියක් වන අතර මුස්ලිම්වරු එය ගැන සතුටු වෙති. උපවාසය පිළිබඳ ව විශේෂ හදිසයක් පහත සඳහන් කුර්ආන් වාක්‍යයට අදාළවේ.

“අල්ලාහ් ඔබට සියලු දේ පහසු කිරීමට අදහස් කරයි. කිසිවක් අපහසු කිරීමට ඔහු අදහස් නොකරයි.“

අදහස්