ආගමික මුළාවෙන් මිදුනු පාදිලිවරයෙක් අල්ලාහ් වෙතට හැරෙනේ කෙසේද?

රෆයේල් නර්බේzස් (Raphael Narbaez) නමැත්තා ඇමරිකාවේ, ලොස් ඒන්ජලස් නගරයේ රූපවාහිණි වැඩ සටහනේ විකටයෙක් ලෙස රඟපාන අතර ඔහු කථිකාචාර්‍ය වරයෙකි. ඔහු සය වන වයසේ ප්‍රථම වරට ජෙහොවාස් විට්නස් සංවිධානයේ රැස්වීමට සහභාගි විය. ක්‍රිස්තියානු දහමේ ජෙහොවාස් විට්නස් යනු එක් නිකායක් වන නමුත්, ජේසුස් වහන්සේගේ දේවත්වය ඇතුළු ක්‍රිස්තු බැතිමතුන්ගේ විශ්වාස බොහෝමයක් හා ඔවුන් එකඟ නොවන අතර, ජේසුස් වහන්සේ යළි පැමිණෙන බව දේශනා කරති. වයස දහතුනේ ඔහුගේ ප්‍රථම දේශනාව ඉදිරිත් කළ රෆයේල්, වයස අවුරුදු විස්ස වන විට ඔහුගේ සභාවට අයත් සාමාජිකයින්ව රැක බලා ගත් අතර, ඇමරිකාවේ ජීවත් වන 904,000 සංඛ්‍යාත ජෙහොවාස් විට්නස් සංවිධානයේ නායකත්වය කරා සීරුවෙන් ගමන් කළ කෙනෙකි. 1991 නොවැම්බර් මස 1වන දින ඔහු ඉස්ලාමයට පිවිසීමෙන් අනතුරුව, ජෙහොවාස් විට්නස් සභාව තුළින් ලබා ගත් සංවිධානය කිරිමේ හා කථිකත්වයේ හැකියාව ද මුස්ලිම් සමාජය වෙතට රැගෙන ආවේය. ඔහුගේ දීර්ඝ ගමනේ කතාවට අපි සවන් දෙමු.

                                              ***********

මගේ දෙමාපියන්ගේ නිවසේ ජෙහොවාස් විට්නස් නිකායේ සාමාජිකයින් කිහිප දෙනෙක් සමඟ වාඩි වී සාකච්ඡාවේ යෙදු අවස්ථාව මට තවමත් මතකයි. “එය අමර්ගඩම්ය! ලෝක විනාශයේ කාලය එළඹී ඇත! ක්‍රිස්තුස් වහන්සේ යළි පැමිණෙන්නේය! රථ වාහන ප්‍රමාණයේ විශාල හිම කැට අප මත වැසි මෙන් හෙලෙනු ඇත. ලොවේ අකාරුණික ලෙස පාලන කරන රාජ්‍ය සියල්ල විනාශ කිරීම පිණිස දෙවියන් වහන්සේ නොයෙක් ක්‍රමවේද උපයෝගි කරන බව නම් නිසැකය! මහපොළොව පැළී විවෘත වන බව බයිබලය සඳහන් කර ඇත, එය විශාල නගර වල තිබෙන ගොඩනැගිලි සම්පූර්ණයෙන් ගිල්වා ගනී!” යනුවෙන් නොයෙක් දේ ඔවුන් ප්‍රකාශ කළහ.

මෙයට සවන් දුන් මම බිය වුයෙමි. මම තවත් හිමි කැට පහරක් ලබන්නට කිසිසේත්ම සූදානම් නැත. එනිසා වහාම බෞතිස්මය ලැබුවෙමි. බෞතිස්මය ලබා දෙන විට ජලය ස්වල්පයක් හිස මත ඉසීමෙන් පමණක් ජෙහොවාස් විට්නස් වරු සෑහීමට පත් නොවෙති. ඔවුන් තත්පර කිහිපයක් ඔබ ව ජලයේ සම්පූර්ණයෙන් ගිල්වා, යළි බැහැර කරති. මම බෞතිස්ම කරනු ලැබුවේ දහතුන් වැනි වියෙහි, 1963 සැප්තැම්බර මස 7 වන දින කැලිෆෝර්නියාවේ පසදේනා නුවර, රෝස් බව්ල් නම් ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දීය. එය ලක්ෂයකට අධික ජනතාවක් සහභාගි වූ විශාල රැස්වීමකි. ටෙක්සාස් පළාතේ සිට කැලිෆෝනියා දක්වා වාහනයෙන් ගමන් කළෙමු. ඉන් අනතුරු ව විනාඩි දහයක කාලයක් සාමාජික ජනතාවට දේශනා කිරීමට මම පටන් ගත්තෙමි.

ජෙහෝවාස් විට්නස් සංවිධානයේ ඉතාමත් නවීන පුහුණුවීමේ පාඨමාලාව තිබෙන අතර, එහි සලාක ක්‍රමයක් ද තිබේ. සෑම මාසයක්ම ඔබ පැය 10 ක් හා 12 ක් අතර කාලයක් ගෙයින් ගෙට ගොස් ආගම දේශනා කළ යුතුය.

අනතුරු ව, පුරෝගාමි දේවගැතිවරයෙක් බවට පත් වූ විට, ගෙයින් ගෙට ගොස් දේශනා කිරීම සඳහා මගේ සම්පූර්ණ කාලයම වැය කළෙමි. මසකට පැය 100 ක් පමණ වැය කළ අතර, බයිබලය අධ්‍යනය කිරීම සඳහා පංති හතකට සහභාගි විය යුතුය. මෙම කාල වකවානුවේ අනිකුත් රැස්වීම්වලට ගොස් දේශනා කළෙමි.

කතෝලික දේවස්ථානයේ සිටින මිනිසෙක් වන පූජකයෙක් සෙසු මිනිසුන්ගේ පාපච්චාරණය භාර ගැනීමට සිටින නිසා අපි ඔවුන් ව විවේචනය කරමු. “ඔබ පාපෝචාරණය කිරීම සඳහා තවත් මිනිසෙකු වෙතට යෑමට කිසිදු අවශ්‍යතාවක් නැත” යැයි අපි පවසමු. එසේ නමුත් අපගේ පාපයන් ප්‍රකාශ කර සමාව අයැදීම සඳහා අප සංවිධානයේ වැඩි මහල් කණ්ඩායමක් වෙතට අපි යායුතුව තිබුණි.

ජෙහෝවාස් විට්නස් සංවිධානයේ සාමාජිකයින් බයිබලය කියවන්නේ ඉතාමත් සුළු වශයෙන් බව දුටු විට මගේ අවසාන  අවතීරණයට එයද හේතුවක් විය. ජෙහෝවාස් විට්නස් වෙත සෑම මාතෘකාවක් සඳහා පොත් පිංච හා සඟරා තිබෙන අතර, ඒවා මුරටැඹ සංගමයෙන් ප්‍රකාශ කරන ලදී. මුළු ලොවේම බයිබලය නිවැරදි ව තේරුම් ගැනීමට හැකියාව ඇත්තේ බෘක්ලින් පළාතේ සිටින කමිටුවට අයත් පිරිසකටය. ලොව පුරා ජීවත් වන ජෙහෝවාස් විට්නස් සාමාජිකයන්ට “ඇඳුම් අඳින්නේ කෙසේද? කතා කරන්නේ කෙසේද? කුමක් පැවසිය යුතුද? කුමක් පැවසිය නොයුතුද? බයිබලය උපුටා ගන්නේ කෙසේද? ලොවේ අනාගතය කෙසේ වන්නේ දැ“ යි උපදෙස් දෙනු ලබන්නේ මෙම සුළු පිරිස විසිනි.

“මුරටැඹ සඟරාව පවසන දේ ගැන කලබල නොවනු. බයිබලය ඔබ ම කියවා බලනු.” යැයි පවසන්නට මම පටන් ගත්තෙමි. ඇතැම් අය මගේ කතාව ඉහළ තැනට ගෙන ගියහ.

මගේ පියා පවා, “තරුණයා! ඔබගේ කතාව ගැන පරෙස්සම් වන්න. මේ සාතාන්ගේ කතාව බව පෙනෙනවා. සාතාන් අප අතරට පැමිණ භේදය සිදු කරන්නට උත්සාහ කරන බව පෙනේ.” යැයි මට අවවාද කළේය.

ඉන් පසුව ආධ්‍යාත්මික ව මම අපහසුවෙන් පසුවුයෙමි. එනිසා අන් කිසිවක් කළ නොහැකි කෙනෙක් ලෙස බලවත් අසතුටින්, කටුක සිතින් 1979 එතැණින් පිටත් වුයෙමි. මගේ මුළු ජීවිතයම, මගේ ප්‍රාණයම, මගේ සිතුවිලි සහ මගේ මනස මෙම දේවස්ථානයට කැප කළෙමි. මගෙන් සිදු වු වරද  එයයි. එනම් මම දෙවියන් වහන්සේ කෙරෙහි නොව මිනිසා විසින් නිර්මාණය කළ සංවිධානයකට කැපවිමයි මගේ වරද වුයේ.

දැන් ආගමක් දහමක් නොමැති පුද්ගලයෙකු වශයෙන් මම අතරමං වුයෙමි. මම දේව විශ්වාසය නොමැති කෙනෙකු නොවුවත්, මම යන්නේ කුමන දෙසට ද?

1985 වර්ෂයේ ලොස් එන්ජලස් නුවරට ගොස්, ජොනි කාර්සන් රූපවාහිනි වැඩ සටහනට සම්බන්ධ වී ප්‍රකට කවටයෙක් හා නළුවෙක් වශයෙන් රඟ පාන්නට තීරණය කළෙමි. කුමක් හෝ අරමුණක් සඳහා මම උපත ලැබු බව මා තරයේ විශ්වාස කළෙමි.  මෙම අරමුණ කුමක්ද? පිළිකා රෝගයට ප්‍රතිකාර සෙවීමද? නැතිනම් නළුවෙකු වීමටද යැයි මම නොදනිමි. මම ප්‍රාර්ථනා කිරීම අතහැරියේ නැති නමුත් ඇතැම් අවස්ථාවන්හී එය නිෂ්ඵල බවද සිතුවෙමි.

වෙළෙඳ ප්‍රදර්ශන මණ්ඩපයක මම රැකියාවක නිරත ව සිටියෙමි. නිවාඩු කාලයේ එහි අමතර වෙළෙඳ කුටි ඉදිකරනු ලැබේ. එක් අළුත් වෙළද කුටියක තරුණ කාන්තාවක් සිටි අතර, මම ඇය ව පසුකර ගෙන යා යුතුය. “සුබ උදෑසනයක් වේවා!” යැයි මම පැතු විට ඇය ඉඳහිට “හයි!“ යනුවෙන් පමණක් පිළිතුරු දෙයි.

එවිට ඇය, “එහෙම දැයක් නෑ. මම මුස්ලිම් කෙනෙක්.” යැයි කීවාය.

“මුස්ලිම්!!”

“ඉස්ලාම්? එය ලියන්නේ කෙසේද?”

“ඇත්ත වශයෙන්ම එවකට නබි වරයෙක් (වක්තෘවරයෙක්) සිටියේය. මුහම්මද් (එතුමාට දෙවියන්ගේ සාමය හිමිවේවා!) ”

රොකි අංකල්ගේ බඩු බාහිරදිය රැගෙන යනු පිණිස ඔහුගේ ලාච්චු හිස් කිරිමට පටන් ගත්තෙමි. එහිදී ගිඩියන් බයිබලයේ පිටපතක් තිබුණි. (හෝටලයේ සෑම කාමරයකම බයිබල් පිටපතක් තැබීම සිරිතකි) මට උගන්වන්නට සූදානම් බව දෙවියන් වහන්සේ ඉඟියක් දුන් බව සිතු මම, එම බයිබලය සොරකම් කළෙමි. මගේ නිවසට ගොස් “දෙවියනි! ක්‍රිස්තු බැතිමතෙක් වීමට මට උගන්වනු මැනවි! ජෙහෝවා විට්නස් වරුන්ගේ මාර්ගය ඔස්සේ තව දුරටත් ඉගෙන ගන්නට මට  අවශ්‍ය නැත. කතෝලික වරුන්ගේ මාර්ගයේ ඉගෙන ගන්නට මට අවශ්‍ය නැත. ඔබේම මාර්ගයේ මට උගන්වනු මැනව. අවංක බැතිමතුන්ගේ අවබෝධයට ලක් නොවන අයුරින් ඔබ බයිබලය සකස් නොකරන බව මට විශ්වසයි. ” යනුවෙන් ප්‍රාර්ථනා කර බයිබලය කියවීමට ආරම්භ කළෙමි. බයිබලයේ පැරණි ගිවිසුම කියවා අවසන් කර, පසුව අලුත් ගිවිසුම ආරම්භ කළෙමි.

මම දීර්ඝව කල්පනා කරන්නට පටන් ගත්තෙමි. එක් බිලියනක මුස්ලිම් සංඛ්‍යාවක් ලොවේ සිටිති. මෙය පුදුමයකි, මහපාරේ සක්මන් කරන සෙනඟ පස් දෙනෙකුගෙන් එක්කෙනෙක් මුස්ලිම් වරයෙකි.එක් බිලියනයක සංඛ්‍යාවක්!! විහිලුවක් නොවේ. සාතාන් දක්ෂයෙකි, එහෙත් ඔහු මෙතරම් දක්ෂ විය නොහැක.

අවසානයේ අරාබි පොත් සාප්පුවකට ගොස් කුර්ආනයක් මිල දි ගත්තෙමි. වෙළෙන්ඳා විවිධ මිලට, විවිධ ප්‍රමාණයේ ගුර්ආන් මට විකිණීමට සූදානම් වූ නමුත් මට අවශ්‍යය වි තිබුනේ කුඩා කුර්ආන් පිටපතක් පමණි. අවසානයේ ඩොලර් 5 ක්  ගෙවා කුර්ආන් පිටපතක් මිලට ගත්තෙමි.

එහි “නූහු“ පිළිබඳ විස්තර තිබුණි. අපේ බයිබලයේ ද “නූහු“ ගැන සදහන් වි තිබේ! ලූත් සහ ආබ්‍රහාම් පිළිබඳ ව ද කුර්ආනයේ සදහන් වී තිබෙන බව දුටුවෙමි. මට මේ කිසිවක් විශ්වාස කළ නොහැක. සාතාන්ගේ නම ඉබ්ලීස් බව මම දැන සිටියේ නැත. මෙය මට අලුත් තොරතුරකි. රූපවාහිනියේ නාට්‍ය බලා සිටින විට හිටිහැටියේ පිංතූරු අපැහැදිලි වුයේ නම්, ඔබ බොත්තමක් ඔබන විට පින්තුරු පැහැදිලි ව පෙනෙනවාක් මෙන් කුර්ආනය කියවන මට සියලු දැයක්ම පැහැදිලි ව පෙපෙන්නට පටන් ගත්තේය.

ප්‍රථමයෙන් ඔවුන් රැස්වන ස්ථානයට මම යාතුතුය. දුරකථන නාමාවලියේ කහ පිටු කියවා අවසානයේ ඔවුන්ගේ ලිපිනය ද සොයා ගත්තෙමි. වර්මොන්ට් හි දකුණු කැලිෆෝර්නියා ඉස්ලාමීය මධ්‍ය ස්ථානය ට ඇමතුම් කළ විට “සිකුරාදා දිනයක එන්න” යැයි ඔවුන් පැවසුවෝය.

මා මෙලෙස ලිවීමට හේතුව, ඇමරිකානු ක්‍රිස්තු බැතිමතෙක් ඉස්ලාමයට පිවිසීම යනු මෙවැනි හැඟීම් උපදවන ක්‍රියාවක් නිසාය.

Choose Your Language