අන්තර්ගතය

content

Content of article

ජාසිම් ඉබ්නු දඉයාන්

රුසියානු යුදෙව් ජාතිකයකු විද්‍යා දැනුම පදනම් කරගත් ආගමික නිකායකින් බැහැර වී ජූදා ආගමටද, අනතුරුව ඉස්ලාම් දහමටද පිවිසීය. මෙහිදී ඔහු පවසන්නේ තම ගමනේ වැදගත් කරුණු පිළිබඳවයි.

ජනවර්ග අනුව මම රුසියානු දේශයට අයත් යුදෙව් ජාතිකයෙකි. සත්‍ය සොයා මම පා තැබුවේ මගේ 19වන වියෙහි විද්‍යා පදනම් කරගත් ආගමික නිකායේ කෙටි කාලින සාමාජිකත්ව යෙන් මිදීමෙන් පසුවයි.

දෙවි කෙනෙක් පිළිබඳව මා තුළ සිථීර විශ්වාසයක් නොතිබුණි. මගේ ජීවිතයේ අරමුණ සංගීත ශේත්‍රයේ තරුවක් වීමයි. මම පසදේනා නගරයේ මහල් නිවසක ලැගුම් ගෙන සමාගමක ලේකම් රැකියාවක නිරතවි සිටියෙමි. එක් රාත්‍රියක් මුල්තැන් ගේ ට යන විට කළු ජාතිකයෙකු මුණ ගැසුවෙමි. “මගේ වොඩ්කා (මත් පැන්) බොතලය ශිතකරනයේ තැබීමට මට අනුමත දෙනවා“ දැයි ඔහුගෙන් විමසු බව මට නම් මතකයි. අපි “හලෝ“ කියා අතට අත දී ආචාර කර නිදා ගනු පිණිස වෙන්වී ගියෙමු. එම මොහොත පටන් මගේ ජීවිතය වෙනස් වීමට ලක්විය. එම කලු  ජාතිකයා මුස්ලිම් වරයෙකු වූ අතර, මම මුණ ගැසු ප්‍රථම මුස්ලිම් වරයා ඔහු ය. අධික ලෙස කුතූහලයට පත් වූ මම ඔහුගේ විශ්වාසය පිළිබඳව ඔහු සමඟ සාකච්ඡාවට යෙදුනෙමි. “දිනකට පස් වතාවක් නැමදුම් කිරීම කුමටද? ජිහාද් යනු කුමක් ද?“ වැනි විවිධ ප්‍රශ්න ඔහුගෙන් ඇසුවෙමි.

අපේ සාකච්ඡාවන්ට මගේ කාමරයේ නැවති සිටින වේඩ් (Wade) නමැති ක්‍රිස්තු දහම අදහන මිතුරෙක් ද සහභාගි විය. අපි තිදෙනා එකතුවී “යුදෙව්, ක්‍රිස්තියානු හා මුස්ලිම් සංවාද සැසිය

“ ආරම්භ කළෙමු. මෙම සාකච්ඡාවන් හි පරස්පර තොරතුරු බොහෝමයක් මෙන් පොදු බූමිකා තොරතුරු බොහෝමයක් අනාවර කර ගත්තෙමු. කාන්තාවන්, මත් ද්‍රව්‍ය සහ සාදය වැනි සතුට ගෙන දෙන කරුණුවලින් මිදී සත්‍යය සොයා ගෙනීමේ උත්සාහයේ වෙහෙසුනෙමි. මෙම සෙවීම මම අවසන් කළ යුතුමය. මෙය දෙවියන් වහන්සේ ගැන සෙවීමක් වූ අතර, ඔහුව අනුගමනය කරන්නේ කෙසේද යන සෙවීමකි.

 දෙවියෙකු සිටිය හැක යන සංකල්පයට මගේ හදවත විවෘත වීමෙන් අනතුරුව, දේව වාදීන් සහ අදේව වාදීන් යන දෙපිරිස පිළිබඳව විභාග කරන්නට වුයෙමි. දෙව වාදින්ගේ සංකල්පය කෙරෙහි මගේ සිත යොමු වූයේ “සෑම නිර්මාණයකටම නිර්මාතෘවරයෙක් සිටිය යුතුය.“ යන වචන මාලාවෙන්ය. මෙම ප්‍රකාශය සිතේ තබා ගෙන ආරම්බ කළ පරික්ෂණවල අවසානයේ දෙවි කෙනෙක් සිටින බව ස්ථීරව විශ්වාස කළෙමි. මෙම අවබෝධයෙන් ලැබු සතුටින් පසුව, මැවුම්කරුගේ අණ සියල්ල පිළිපැදීමේ වගකීම මගේ දෙවන පියවර විය. ආගම් විශ්වාස කරන ලෝකය පිළිබඳ සෙවීම මගේ අනිත් මාතෘකා විය.

 “මම පටන් ගන්නා ස්ථානය කොහෙද?“ මෙම ආරම්භක ස්ථාන දහස් ගණනින් තිබුණු හෙයින් ඒවායින් කිහිපයක් පමණක් තෝරා ගෙනීමට මට අවශ්‍යවිය. මෙම බරපතල කටයුත්ත අවසාන කරන්නේ කෙසේද? අනතුරුව “ඒක දේවත්වය විශ්වාස කරන පිරිස සොයා ගත යුතු යැ“යි මම තීරණය කළෙමි. මම ඒක දේවත්වය විශ්වාස කරන හේතුවෙන් මෙය නිවැරදි පියවර යැයි හැඟුණි. මෙම තීරණය පදනම් කර ගෙන බහුදේව විශ්වාස සහිත හින්දු සහ බෞද්ධ දහම සිතෙන් ඉවත් කළෙමි. අවසානයේ ඒක දේවත්වය විශ්වාසය යටතේ යුදෙව් ආගම, ක්‍රිස්තියානු ආගම සහ ඉස්ලාම් පිළිබඳ සෙවීම සුදුසු යැයි තීරණය කළෙමි.

 මම උපතින් යුදෙව් ජාතිකයෙකු වන හෙයින් යුදෙව් වරුන්ගේ ආගම අධ්‍යයනය කිරීමට ආරම්භ කළෙමි. එම ආගම එක් දෙවියෙක් සහ නබිවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විතයි. දස පණත, තෝරා (Torah) නම් ග්‍රන්ථය සහ යුදෙව් ආත්මාව.... මෙයට සම්බන්ධයි. “යුදෙව් ආත්මාව?“ යනු කුමක්දැයි මට ප්‍රහේලිකාවකි. එසේ නම් දෙවියන් වහන්සේ යුදෙව් ආත්මාවන්, ක්‍රිස්තියානු ආත්මාවන්, මුස්ලිම් ආත්මාවන් සහ හින්දු ආත්මාවන් වශයෙන් නිර්මාණය කරන වාද? සියලු මිනිසුන් එක හා සමානව මවනු ලබන බව   සිතීම වරදක් ද? කෙනෙක් යම් ආගමක උපත ලැබුවේ නම්, එය දේව නියෝගයට එකඟව සිදු වන හෙයින් ඔහු තමා උපන් ආගමේම රැඳී සිටිය යුතුද? එම ආගම අසත්‍යය බව ඔහු විශ්වාස කළත්, එයට විකල්පයක් ඔහුට නොලැබේවිද? යුදෙව් ආගමෙහි මම අසහනයට පත්වීමට තවත් හේතුවක් තිබුණි. යුදෙව් ආගමේ අපාය පිළිබඳව පැහැදිලි සංකල්පයක් නැත. එසේ නම් කුසල් ක්‍රියා කිරීමට අවශ්‍යතා කුමක්ද? පාපය ක්‍රියාවන්හි නොයෙදී ඉවත්වීමට හේතුවක් තිබේද? වරදට අනිවාර්‍යයෙන් දඬුවම් ලැබෙන බව බිය නොමැති නම්, සදාචාර ලෙස ජීවත් විමට අවශ්‍යතා කුමක් හෝ තිබෙනවාද?

 අනතුරුව ක්‍රිස්තියානි දහම අධ්‍යයනය කළෙමි.ඒක් දෙවියෙක්, පුත්‍රයෙක් සමඟ පිරිසිදු ආත්මාවක් එහි සඳහන් ව තිබුණි. මේවා සියල්ල එක් දෙවියෙකු බවට පත් වුයේ කෙසේද? යැයි කවරෙකු හෝ මට පහදා දෙනවාද? 1+1+1 =3ක් විය යුතුය. එසේ නම් ඒක දේවත්වය පමණක් විශ්වාස කරන බව ඔබ පවසන්නේ කෙසේද? මෙම ප්‍රශ්නය මොහොතකට අමතක කරමු. මෙහි දෙවන සංකල්පය අපගේ පාපයන් සඳහා ජේසුස් වහන්සේ දිවි පරිත්‍යාගි කළහ. අප සියලු දෙනාම ආදම්ගේ මුල් පාපය නිසා අපවිත්‍රවී සිටින හේතුවෙන් මෙලෙස ජීවිත පරිත්‍යාග කිරීමට එතුමාට සිදුවිය. එනිසා, ආදම් විසින් අපට පවරන ලද මුල් පාපයෙන් අප සියලු දෙනාම පිරිසිදු කිරීම පිණිස දේව ප්‍රත්‍රයෙකු වන ජේසුස් වහන්සේ ඝාතනයට ලක්වීම අවශ්‍යවිය.

 අපි සියලු දෙනාම පව් කාරයන් ලෙස උපත ලැබු බව ඔබ පවසන්නේද? එසේ නම් ඔබ පවසන්නේ වැරදි දෙයක් ඉටු කිරීම පාපයක් බවයි! ඔබ දැන් පවසන්නේ එක් අවුරුද්දක් වයසැති දරුවෙක් පවා වරදක් සිදු කළ පාපයට පව් කාරයෙක් බවයි! මෙය අමුතු දෙයකි! එක් මිනිසෙක සිදු කළ වරදට මිනිස් සංහතියම පව් කාරයන් බව නිගමනය කළ හැකිද? මෙයින් අප ඉගෙන ගන්නා සදාචාර පාඩම කුමක් ද? එක්කෙනෙක් වරදක් කළොත් සම්පූර්ණ මිනිස් සංහතියටම දඬුවම් පැවරීම සුදුසු ද? දෙවියන් වහන්සේ මෙවැනි නීතියක් තණන්නේ කුමක් නිසාද? මා දන්නා තර්ක ශාස්ත්‍රයට මෙය කිසිසේත් එකඟවන්නේ නැත.

 ඉස්ලාම්හි මා දුටු ප්‍රධාන කුළුනු පහත සඳහන් මේවාය. එක් දෙවියෙක්, ඔහුට පමණක් දිනකට පස් වතාවක් නැමදුම් කිරීම, වාර්ෂිකව 2.5% මුදලක් පිනට දීම, වාර්ෂිකව රමදාන් මාසයේ (දෙවියන් වහන්සේට සමීපවීම පිණිස) උපවාසයේ යෙදීම සහ ආර්ථිකව හැකියාවක් තිබේ නම් හජ් වන්දනාවේ යෙදීම. මෙම ප්‍රතිපත්ති ලොවේ සෑම කෙනෙකුටම අදාල බවද විද්‍යාවට අනුකූල බවද මම දුටුවෙමි. අල් කුර්ආනයේ මා කියැවූ වාක්‍ය බොහෝමයක් විද්‍යාව හා එකඟ වන බව දුටුවෙමි.

  මගේ සත්‍යය සෙවීමේ ගමනේ නොයෙකුත් තර්කානුකූල විස්තර විශාල ප්‍රමාණයක් කියවා බැලු නමුත් ඒවා සියල්ල අතර කැපි පෙනුනු එක් විශේෂ කරුණක් වුයේ මෙම දහමේ නාමය වන  “ඉස්ලාම්“ යන වචනයයි. මෙම වචන අල් ක්‍ර්ආනයේ විවිධ ස්ථානයන්හි සඳහන් වී තිබෙන බව දුටුවෙමි. කෙසේ වෙතත් මගේ අනිකුක් ආගම් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පරණ ගිවිසුමේ “ජුදා ආගම“ Judaism යන වදන හෝ අලුත් ගිවිසුමේ Christianity යන වාදන හෝ නුදුටු බව මට හොඳට මතකයි. මෙය මට විශාල ප්‍රහේලිකාවක් විය. එම ආගමික ග්‍රන්ථයන්හී ආගමේ නම සඳහන්

නොවීමට, ඒවා දැක ගැනීමට අපොහොසත් වුයේ කෙසේද? ඇත්ත වශයෙන් මේ නම් ඒ ග්‍රන්ථයන්හී කිසි තැනක සඳහන් කර නැත. මේ ගැන දිගට කල්පනා කළ විට ඒ වචන වෙන් කළේ නම් ජුදා-ආගම සහ ක්‍රිස්තු - දහම යනු පහදා ගත හැකිවිය.

එසේ නම් ජුදා කියන්නේ කවරුන්ද? දෙවියන් වහන්සේ තම නිවේදනය හීබ්රූ ජනතාවට පහළ කළ වකවානුවේ, ජූදා නම් කෙනෙක් හීබ්රූ ගෝත්‍රයට නායකයා  වශයෙන් සිටියේය. එනිසා එම නායකයාගේ නාමයෙන් එම ආගම හැඳින්විය. දැන් ක්‍රිස්තු ආගම දෙස බලමු. දෙවියන් වහන්සේගෙන් ලැබු නිවේදනය ජනතාවට ප්‍රකාශ කළේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේය. ඒ හේතුවෙන් එම ආගම ජේසුස් ක්‍රිස්තු නම් මිනිසෙකුගේ නාමයෙන් හඳුන්වන ලදී. මෙයට එකඟව මෙම ආගම් දෙකම මිනිසාගේ නාමයට එකඟව නම් කරන ලද බව පැහැදිලිවේ. කෙසේ වෙතත් මෙම ආගම් හී නම් ඔවුන්ගේ ආගමික ග්‍රන්ථයන්හී කොහෙත්ම සඳහන් වී නැත යැයි පිළිගත යුතුය. මෙය කොහෙත්ම ගැලපෙන්නේ නැති බව මම සිතුවෙමි. යම් ආගමක් මිනිසුන් අතර ව්‍යාප්ත වීමට සහ මිනිසුන් එය අනුගමනය කිරීමට නම්, එම ආගමට නමක් තිබිය යුතු නොවේද?

තවද, එම ආගමේ නම සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින්ම අපහට ලබා දිය යුතු නොවේද? ඔව්, මගේ නිගමනය එයයි. ක්‍රිස්තු දහම සහ ජදා ආගම යන නම් ඔවුන්ගේ ග්‍රන්ථයන්හී සඳහන් නොවීමට හේතුව, ඒවා නම් කරනු ලැබුවේ දෙවියන් වහන්සේ විසින් නොව ජනතාව විසින්ය. දෙවියන් වහන්සේ ආගමක් පහළ කර, එයට - නාමයක් නැති ආගමකට එකඟව ජීවත්වන ලෙස අණ කළ හැකි බව පිළිගැනීම පවා මට අපහසු විය.

ඒ මොහොතේම ක්‍රිස්තියානු ආගම සහ ජුදා ආගම යන ආගම් දෙකම පිරිසිදු, යුත්කි සහගත, පරපූර්ණ ආගම් ලෙස විශ්වාස කිරීමට නුසුදුසු බව මගේ දෘෂ්ටිකෝනයේ හැඟුනි.

 තම ආගමික ග්‍රන්ථයේ සදහන් කළ එකම දහම ඉස්ලාම් පමණි. මෙම කරුණු ඉතා විශාල සාධකයක් බව මට පෙනුණි. ඒ මොහොත පටන් ඉස්ලාමය අනුගමනය කරන බව මම තිරණය කළෙමි. අනතුරුව මම මුස්ලිම් බවට පත්වුයෙමි. මම සත්‍යය දැන ගත්තෙමි. අඳුරෙන් බැහැරවී ආලෝකයට පා තැබුවෙමි.

මෙම විශ්වාසයේ මගේ යුක්ති සහගත තර්කය හා ගැටුම් සිදුවන කිසිදු කරුණක් නැත. අල් කුර්ආන් යනු මෙවැනි හාස්කම් හා කාලයට සීමා වන ප්‍රඥා සම්පන්න ග්‍රන්ථයකි. මෑතකදී විද්‍යාව විසින් සොයා ගන්නා ලද බොහෝ කරුණු වසර 1,400ට පෙර අල් කුර්ආනයේ සඳහන් වී අවසානයි.

අදහස්